Me Rata Mage Rata Song Lyrics - මේ රට මගෙ රට ගීතයේ පද පෙළ

Me Rata Mage Rata Song Lyrics - මේ රට මගෙ රට ගීතයේ පද පෙළ
Song Title : Me Rata Mage Rata (මේ රට මගෙ රට)
Vocals : ULK
Composed by LVZ3R
Lyrics : Udara L Rajapaksha
Presented by UniqueWaves Studios
Produced by Ushan M Gunasekara
Editor : Sahan Sandaruwan
DOP : Shariq Mohomed, Nimesh Nadeesha, Dasith Dilina
Art Director : MAD SH!Ne 
Sound Designs : LVZ3R 
Banner : Ushan M Productions
Music Label : Vibe Records, Sri Lanka


මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
රැක ගන්න මහන්සි වෙයල්ලා
එක්ව තව තව
ඉන්නේ ඇයි නිවටුන් ලෙස
තම කොන්ද නව නව
පින් බිමකි මේක
රැක ගන්න ඕනි වැද වැද

සුරු විරුකම් පෑ
හෙළ සිංහ තේජසින්
එකමුතු කම් වටීවි මුතු
මෙන් නන් දෙසින්
සිංහල මුස්ලිම් දෙමළ
සර්ව ආගම් එකලෙසින්
රට ගැන සිත් ඇති
සැම් දැන් එක ලෙයින්

නොබිදෙන එකමුතුකම් බැදි පවුරු
අපි වෙනුවෙන් අපි නැත්තම් වෙන කවුරු
දේශපාලනෙට යට වුනු කහ සිවුරු
එපා කවුරුවත්ම මේ සිරිලක අවුලු

දසත සරුබිම් පිහිටි සුන්දර පරිසර
කාන්තාර කරනු එපා
කරනු පල බර
කොදු ඇති මිනිස්සු බිහි වෙයන් හර බර
නැති වෙයන් දුගී කර මත බැදි බදු බර

ණයට යන්න ඕනි රටක් නෙවෙයි මව්රට උතුම්
තෝරගත යුතුයි විසි පහට දෙසිය වියතුන්
තුන් කල් දකින උගතුන් ඕනි ලෙස පැරකුම්
අවංක විය යුතුය තමන්ට නොලබා ගැරහුම්

ගිනිකදු නැති දිය ඇලි ගලන පොලව
රන් මිනි මුතු පහලව දිලෙන පොලව
විසි කරන් මොන බීජෙත් පැලවෙන පොළව
අපි රකින්නෙමු බැතියෙන් මේ පින් පොලව

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

පිරවිය හැක සුරපුර රබර් තේ පොල්
වියකෙන්න නොදී රැක ගමු ගිජුව ලොල්
දියවන්නා මැඩියන්ගේ මොළය බෝල්
පලවා හරිමු එකමුතුව රට කන උන්

දුරු වේවා රටේ හිරි කිලි කැපී
බැබලේවා හිරු මෙන් අහසේ පිපී
පිබිදේවා නිවටුන් නොවී ගැති
සුබ වේවා ගොයමින් පිරි ඉපනැලි

පීඩිත මිනිස්සු කදුළු කැට හලද්දී
සීමීත බඩු ආනයනය කරද්දී
අසීමිත බදු කදු මත ගලා යද්දී
හේතු පවසම් ඩොලර් කොල නැති වෙද්දී

නොදත් කිරි දරුත් වී ලොවට ණයකරු
ඉපදෙන බිලිදුගෙ අනාගත බියකරු
දැන් කදුළු මේ දෙරණේ පෙර බොහෝ සරු
නමුදු හෙටක් ඕනි ගෙවන්න රටක් පියකරු

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

අන්තර්ගත වියාචනය,
 මෙම ගීතයේ ඇතුලත් පැරණි ගීතයේ අයිතිය ගායකයා, ගීත රචකයා සහ වාදකයින් සතු වන අතර, මෙය හුදෙක් ඒවා යොදා ගනිමින් සිදු කරන ලද නිර්මාණාත්මක නිෂ්පාදනයක් බව දන්වා සිටිමි.  සියලුම ගෞරවය මුල් කලාකරුවාට හිමිවේ.
  මෙම මියුසික් වීඩියෝවේ ඇතුළත් සෑම වීඩියෝවක්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ බවද දන්වා සිටිමි.
නිෂ්පාදකයා/ඡායාරූප ශිල්පියා/කලා නිර්මාණ ශිල්පියා අප වීඩියෝවේ භාවිතා කර ඇති ගීතය හෝ පින්තූරය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් කරුණාකර (lvz3r.lk@gmail.com) වෙත අප අමතන්න, එවිට වීඩියෝව වහාම ඉවත් කරනු ලැබේ.

Content Disclaimer,
The rights to the old song included in this song belong to the singer, songwriter and musicians, and I would like to inform you that this is a creative production made using them simply.  All credit goes to the original artist.
   I would also like to inform you that every video included in this music video was shared on social media.
If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (lvz3r.lk@gmail.com) and the video will be taken down immediately.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Rata Mage Rata Song Lyrics - මේ රට මගෙ රට ගීතයේ පද පෙළ Me Rata Mage Rata Song Lyrics - මේ රට මගෙ රට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment