Ayaskanthiye Song Lyrics - අයස්කාන්තියේ ගීතයේ පද පෙළ

Ayaskanthiye Song Lyrics - අයස්කාන්තියේ ගීතයේ පද පෙළ
Song Title : Ayaskanthiye (අයස්කාන්තියේ)
ගායනය : අමල් පෙරේරා
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


අයස්කාන්තියේ
දැන් තමයි මට හිතෙන්නේ
මං ජීවත් වෙනවා කියා
හිත පෙරළන රුදු කාන්සියෙන්
ඔබ මා මුදවාගත් නිසා

සුව දුක් විමසන්නෙ
සුළඟක් පෙර මගට වෙලා
සෙනෙහසින් බලන්නේ
හිරුත් අපට හිස නමා //

අයස්කාන්තියේ
දැන් තමයි මට හිතෙන්නේ
මං ජීවත් වෙනවා කියා
හිත පෙරළන රුදු කාන්සියෙන්
ඔබ මා මුදවාගත් නිසා

හිත මිතුරුකම් පාන්නේ
මල් කෙමිත් සුවඳ පැන් සලා
හද ගිම් නිවන්නේ විහඟුන්
රස මියුරු ගී ගයා //

අයස්කාන්තියේ
දැන් තමයි මට හිතෙන්නේ
මං ජීවත් වෙනවා කියා
හිත පෙරළන රුදු කාන්සියෙන්
ඔබ මා මුදවාගත් නිසා
ඔබ මා මුදවාගත් නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayaskanthiye Song Lyrics - අයස්කාන්තියේ ගීතයේ පද පෙළ Ayaskanthiye Song Lyrics - අයස්කාන්තියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment