Mangala Adumin Sarasila Song Lyrics - මංගල ඇඳුමින් සැරසීලා ගීතයේ පද පෙළ

Mangala Adumin Sarasila Song Lyrics - මංගල ඇඳුමින් සැරසීලා ගීතයේ පද පෙළ
Song Title : Mangala Adumin Sarasila (මංගල ඇඳුමින් සැරසීලා)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ගංගනාථ හේරත්
තනුව : විශාරද ගුණදාස කපුගේ


මංගල ඇඳුමින් සැරසීලා
දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
මගේ ආදරය ඉවත හෙලාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන

අත ගෙන ඔහුගේ ඔබ යන අතරේ
මම තනිවෙන්නම් සිතිවිලි අතරේ
කඳුළැලි රඳවා
කඳුළැලි රඳවා මගෙ නෙත් අතරේ
ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙණු සොඳුරේ

මංගල ඇඳුමින් සැරසීලා
දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
මගේ ආදරය ඉවත හෙලාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන

ඔබ ඔහු තුරුළේ සැනසෙන අතරේ
මම තනිවෙන්නම් ඝණඳුර අතරේ
පැතුමක් වී මා
පැතුමක් වී මා පැතුමන් අතරේ
යළි හමුවෙණු මැන මතු භව කතරේ

මංගල ඇඳුමින් සැරසීලා
දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
මගේ ආදරය ඉවත හෙලාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන
අමතක කළ මැන මතකය මා ගැන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mangala Adumin Sarasila Song Lyrics - මංගල ඇඳුමින් සැරසීලා ගීතයේ පද පෙළ Mangala Adumin Sarasila Song Lyrics - මංගල ඇඳුමින් සැරසීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2022 Rating: 5

0 comments:

Post a Comment