Hathuru Mithuru Song Lyrics - හතුරු මිතුරු ගීතයේ පද පෙළ

Hathuru Mithuru Song Lyrics - හතුරු මිතුරු ගීතයේ පද පෙළ
Song Title : Hathuru Mithuru (හතුරු මිතුරු)
Singing : Randhir Witana ft. Maliya & Chathuwa
Music & Composition: Ken Lappen 
Lyrics: Chamath Nalaka
Rap Lyrics: Maliya & Chathuwa (Rasthiyadu Padanama)
Mixed: Ken Lappen
Mastered: Lahiru Perera
Music Video: Dulina Chandrasiri 
Powered by Red Bull 


අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ
උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ
කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ
කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

ලොකු ලයින් දුන්නොත් මගේ Club එකට
Admit වෙන්න බෑ
Admit කරන්න බැරි නම් මගේ
මේසේ ඉඩක් නෑ
අදාල කර ගන් නෑ කෙලවන්න
වෙලාවක් නෑ
අම්මට තාම වන්ඩියක් අරන් දීලා නෑ
බඩු පත්තු උනොත් කවුරුත් ඇවිත්
වන්දි දෙන්නෙ නෑ
බඩු පත්තු උනාම ඉඳපු එවුන්
හොයාගන්න නෑ
ඒක නිසා පත්තු කරන් නෑ
කරත් දැන් වැඩි කරන් නෑ
මගේ පානින් එළිය බලන එක
ලොවෙත් කරන්න බෑ

ඔක්කොම එකටයි සැප දැම්මේ
ඇයි උඹ තනියම අච්චුව කන්නේ
කෙල උන දාට එක්කෙනයි
උඹ ගාව ඉන්නේ
අනිත් එවුන් එකට ඉඳලා පිටිපස්සට
කොටන්නේ
තුනට වගේ තමා ඇඟ බැඳලා එලියට
එන්නේ
උඹලා ෆීලුත් කරන ළමයි
Like කන්නයි බට්ටු
Rap කරන එක නවත්වපන් හිනස්සන්න
එපා රට්ටු
මලියා KRS2 මගේ base එක
Solid Like Ream බට්ටු
———— Come True
අහපන් කවුද ඌ This Is How We Do
නටාගෙන එනකම් මට මොණරු
වෙන්නෙපා ඔට්ටු උඹව කරයි මට්ටු
අපේ බෝඩරේ තමයි අඩෝ ඉන්නෙ සත්තු

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ
උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ
කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ
කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

කර්මය නුඹේ පාරේ ඒවි මතකයන්
සොයාවි මිතුදම අපේ
නට්ඹුන් අතර වේවි
ගිලේවි නුඹ කල කී දෑ තුල ද පතදවී
තැවේවි අසරණ වී නුඹ දැවේවී
ප්‍රමාදේ පසුතැවීමට හේතු වේවී
මරාපන් වෙලාව දැනගෙන කලාව
විඳිනට නුඹ ප්‍රතික්‍රියාව
ක්‍රියාව පසුපසින් එනකල් ක්‍රියාව
කුමන්ත්‍රණ නුඹේ හුරු කලාව
නිරයට ඇදගෙන යන නුඹේ දසාව
කාලය නම් වැලිතලාව
තුළ සැඟවුනු නුඹ මට කල තුවාල
අමතක කලත් මම පසුපස
බූමරංගයකි සොයා එන කරන්නට නුඹ
විනාශ නුඹ විනාශ දැන්
නුඹ හට මගේ මේසේ ඉඩකුත් නෑ
නුඹ පතුරන වදන් අදාල නෑ
අවලංගු කාසි හඬ පලකුත් නෑ
කිසිවෙකු හට නුඹ වලංගු නෑ
වලංගු නෑ
වලංගු නෑ

අවලංගු තඹ කාසියේ
පැති දෙක උඹයි යාලුවේ
උඹ දුන් වටිනාකමින්
විස්වාසේ එතුවා ලැවිලා අපතේ
කර මත අතදා උඹේ
දැමු වෙට්ටුව හරි අගේ
කර්මය උඹේ පාරේ ඒවි
සොයාන මරා දඟලාව මේ

සුදු වෙට්ටු දාලා අපිට උඹට
තට්ටු වෙන්න බෑ
අපි සත්තු එක ඔට්ටු උනොත් ලේසි
වෙන්නෙ නෑ
ලෙඩ්ඩු බාරගන්නේ නෑ හැමෝටම
වෙද්දු වෙන්න බෑ
කොල්ලෝ තමයි වැදගත් මට කුලේ
අදාල නෑ
බල්ලෝ බුරලා පුතේ කොළඹ කඳු
පාත් කරන්න බෑ
එල කොල්ලෝ මෙහේ වාසි වලට
පාත්වෙන්නෙ නෑ
මට රහත්වෙන්න බෑ උඹට නම්
ආත්මයක් නෑ
කෝට් පාත්තයෙක් මහත්තයෙක්
වෙන්නෙ නෑ
ඔක්කොම ගැලපිල්ල දන්නේ
ඇලපිල්ල නෑ දන්නේ
උඹ රැඟපිල්ල දාලා කැරකෙද්දි මම දන්නේ
වැලපිල්ල විතරයි අම්මට ඉතුරු වෙන්නේ
හැටපැන්නත් චතුවා අඩෝ
තාමත් සීන් එකේ ඉන්නේ

අඳුර ගන්න බෑ කියලා හිතන්නෙපා
කොල්ලොයි බල්ලොයි
ඇත්ත කතා කරේ බෙල්ල ගියත් පදනමේ
කොල්ලයි
අපේ කොල්ලෝ කිව්වොත් කිව්වයි
නෑ Fake මගේ කටේ පුතේ තාමත් නෑ Breck
එපා Case දාගෙන මාත් එක්ක වරෙන්
දුවන්න රේස්
නැතිවෙයි උඹලට ඔය Place තාමත්
Choose Bro No Ways Double Game
නරි නාටක real කරනවා Fake Fans

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hathuru Mithuru Song Lyrics - හතුරු මිතුරු ගීතයේ පද පෙළ Hathuru Mithuru Song Lyrics - හතුරු මිතුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2022 Rating: 5

0 comments:

Post a Comment