යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt)

යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt) - Your Choice Way

ඔයාලා හැමෝම කන්න කැමති ඔයාලගෙ රසට අනුව සෞඛ්‍යාරක්ෂිතව ගෙදර ම හදා ගන්න පුලුවන් අතුරුපසක් තමයි මං අද ඔයාලට ගෙනාවෙ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 එලකිරි ලීටර් 1ක් / ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1ක් හෝ වතුර ලීටර් 1ක දියකරගත් කිරිපිටි 130 g ක්(මම මේ යෝගට් හැදුවෙ කිරිපිටි වලින්)
  • 🔸 සීනි 125g (ඔයාලගෙ කැමැත්ත අනුව අඩු වැඩි කර ගන්න පුලුවන්)
  • 🔸 ජෙලටින් මේස හැඳි 1 ක්
  • 🔸 වැනිලා තේ හැඳි 1 ක්
  • 🔸 ලුනු තේ හැඳි 1/8 ක්
  • 🔸 මුහුන් සඳහා යෝගට් 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ උණු වතුර මේස හැඳි 4ක ජෙලටින් දියකර පසෙකින් තබන්න.
  2. ✴️ කිරි ,සීනි ,ලුනු භාජනයකට දමා හැඳිගාමින් උණු කරන්න.
  3. ✴️ බුබුළු දමන විට දියකර ගත් ජෙලටින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. ✴️ නැවත වරක් බුබුළු දමන තෙක් උතුරවා ලිපෙන් ඉවතට ගන්න.
  5. ✴️ දැන් නිවෙන්න තබන්න.
  6. ✴️ කිරිවල උඩින් මිදෙන යොදය ඉවත් කරන්න.
  7. ✴️ ඇඟිල්ල දමන්න පුළුවන් තරමට නිවුනු පසු හොඳින් මිශ්‍ර කර ගත් යෝගට් එක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  8. ✴️ දැන් වැනිලා එකතු කරන්න.
  9. ✴️ දැන් මේ මිශ්‍රණය පෙරා භාජන වලට දමා පියනකින් වසන්න.
  10. ✴️ පැය 8ක් 10ක් පමණ හොඳින් උනුසුම් තැනක නොසොල්වා තබන්න.( මං මේක තිව්වෙ අවන් එක ඇතුලෙ , නැත්නම් කබඩ් එකක් ඇතුලෙ උනත් ඔයාලට පරිස්සමට තියා ගන්න පුලුවන් )🧡 ශීත පලාත් වල ඉන්න අය තුවායකින් ඔතලා උනුසුම් තැනක තියන්න .
  11. ✴️ හොඳින් මිදුණු පසු පැය 2ක් පමණ ශීතකරණයේ තබා රස විඳින්න පුළුවන් .

😍😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 💕💕💕💕💕

හෙළයේ රස මිහිර
යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt) - Your Choice Way

යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt) - Your Choice Way

යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt) යෝගට්‍ හදමු 🥛🥛🥛 (Yogurt) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2022 Rating: 5

0 comments:

Post a Comment