Saroja Song Lyrics - සරෝජා ගීතයේ පද පෙළ

Saroja Song Lyrics - සරෝජා ගීතයේ පද පෙළ
Song Title : Saroja (සරෝජා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මා තොටින් එන උතුරු හුළඟේ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝණියේ

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ

කරවටේ අත දමා හිනැහුණු
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්

තාත්තා හීනෙන් ඇවිත්
අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන්
නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට අඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්

දමා ගොදුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතිං
වරක් දැක සිත නිවාගන්නට
දුවේ ඩිංගක් හිනැහියන්

මා තොටින් එන උතුරු හුළඟේ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝණියේ

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saroja Song Lyrics - සරෝජා ගීතයේ පද පෙළ Saroja Song Lyrics - සරෝජා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment