Sandai Tharui Nisansale Song Lyrics - සඳයි තරුයි නිසංසලේ ගීතයේ පද පෙළ

Sandai Tharui Nisansale Song Lyrics - සඳයි තරුයි නිසංසලේ ගීතයේ පද පෙළ
Song Title : Sandai Tharui Nisansale (සඳයි තරුයි නිසංසලේ)
ගායනය : සෝමසිරි මැදගෙදර
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : අරුණ මුදුන්කොටුව


සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි //
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...

කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ //
හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandai Tharui Nisansale Song Lyrics - සඳයි තරුයි නිසංසලේ ගීතයේ පද පෙළ Sandai Tharui Nisansale Song Lyrics - සඳයි තරුයි නිසංසලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment