ටික ටික උස යන නාන මිනිහා (Nana Miniha)

ටික ටික උස යන නාන මිනිහා (Nana Miniha) - Your Choice Way

මේක මගේ අම්මාට වුන දෙයක්......විශ්වාස කීරීම ඔයාලට බාරයි.

අපේ අම්මාගේ මහගෙවල් තියෙන්නේ වැලිමඩ.ඔන්න අම්මාට මාව හම්බෙන්න කලින් ඒ කියන්නේ කාසාද බැන්ද අලුත අම්මලා ඉදලා තියෙන්නේ අම්මලාගේ ගමේමයි.ඒ දවස් වල එ ගමට යන්න තියෙන්නේ කෑලෑ පාරකින්ලු.පොඩි අඩි පාරවල් වලින් ගිහින් දොලවල් උඩින් පැන පැන තමයි යන්න තියෙන්නේ.ප්‍රධාන පාරට එන්න ඉතින් පැයක් විතර යනවා.ඒ තරමටම දුෂ්කරයිලු.

දවසක් අම්මා ගිහින් අම්මාගේ හොදම යාලුවෙක්ගේ දානේ ගෙදරක.උදේම ගිහින් දානේ එහෙම ඉවර වෙලා එනකොට හවස් වුනලු ටිකක්.4 විතර වගේ වෙලා.අම්මගේ යාලුවා කියලා නවතිලා හෙට යන්නත් කියලා.ඒත් අම්මා කමක් නෑ කියල එන්න ආවලු.(අම්මගේ හිත හයියයි.කිසි දේකට සැලෙන්නේ නෑ.බයත් නෑ) කොහොමින් කොහොම හරි අම්මගේ ගමට එනකොට 10.30වගේ වුනාලු.

ඒ දවස් වල ඉතින් ගම් වලට ලයිට් එහෙම නෑනේ. කලුවරයිලු පාලාතම හොදටම.ඒත් අම්මට නුපුරුදු ගමක් නෙවෙයිනේ.පොඩි කාලේ ඉදලා හිටපු ගමේ අස්සක් මුල්ලක් ඕනි තැනක් දන්නවනේ.අනික අම්මාගේ හිත ශක්තිමත්නේ.ඔන්න ඉතින් කලුවරේම ආවලු කෑලෑ පාරේ.හිතේ කිසි බයක් තිබිලත් නෑලු.ටිකක් දුර යන්කොට හම්බෙනවාලු නාන ලිදක්.අම්මට ඇහිලා කව්දෝ නාන සද්දයක්.ඉතින් අම්මා කල්පනා කරලා මේ මහා රෑ මොකාද මේ නාන්නේ කියලා.පොඩ්ඩක් ඈත තියා බැලුවහම දැක්කලු පිරිමි චායවක්.

සුදු පාට දිලිසෙන කලයකින් හරි ලස්සනට නානවා.හරි ලස්සනට කිවුවේ ඒ කලෙන් වතුර අරන් ඔලුවට වක්කරගන්නේ නිකන් ගෑනු කෙනෙක් වගේලු.ඒ තරම් අර වතුර ටික ලස්සනට ඔලුවේ ඉදන් පහලට වැක්කෙරෙන්වාලු.

දැන් ඉතින් මහා රෑ පිරිමි කෙනෙක් නාන තැනකින් ගෑනු කෙනක් යන එක නුවනට හුරු මදිනේ.අනික මිනිස් පුලුටක් වත් නෑනේ.ඉතින් අම්මා කරලා තියෙන වැඩේ ඉට එහා පැත්තෙන් තිබුන වෙනත් පාරකින් යන්න හැදුවලු.ඉතින් දැන් ඔහොම ලිදත් පහු කරන් ටික දුරක් යන්කොට අම්මා නිකමට වගේ පිටිපස්ස බැලුවලු.එතකොටම අම්මා දැක්කලු අර නාන මිනිහා ටික ටික උස යනෝලු.අම්මට තේරුනාලු වැඩේ.

අම්මා කරල තියෙන්නේ ටක් ගාලා පොලෝවේ ඉරි තුනක් ගහලා හොද කුනුහර්ප ටිකක් කියල පිටිපස්ස බලන් නැතුවම ගෙදරට අවාලු.ඇවිත් විස්තරේ කිවුවලු.අපේ අම්මාගේ තාත්තා ටිකක් මන්තර ගුරුකම් දන්නවලු. එවෙලෙම අම්මට මතුරල නුලක් ගැට ගැහුවලු.ඉට පස්සෙත් ඒ ගමේ එක එක ඔවාගේ දේවල් වෙලා තියෙනවා.ලස්සනට කතාව ලියන්න නම් බෑ මට.ඒ වුනට වුන සිද්දිය මන් ඔයාලට කිවුවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ටික ටික උස යන නාන මිනිහා (Nana Miniha) ටික ටික උස යන නාන මිනිහා (Nana Miniha) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment