Osari Potin Adinnepa Song Lyrics - ඔසරි පොටින් අදින්නෙපා ගීතයේ පද පෙළ

Osari Potin Adinnepa Song Lyrics - ඔසරි පොටින් අදින්නෙපා ගීතයේ පද පෙළ
Song Title : Osari Potin Adinnepa (ඔසරි පොටින් අදින්නෙපා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : විශාරද ගුණදාස කපුගේ


ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ

පෙතං කැලේ වළිකුකුළෝ
මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවා
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ

පට සළු පිළි කසී රටේ
වෙල පෙති දිගේ වඩිනවා
මාල වළලු අපට ගෙනා තරු අතර දිළෙනවා
ගමේකමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Osari Potin Adinnepa Song Lyrics - ඔසරි පොටින් අදින්නෙපා ගීතයේ පද පෙළ Osari Potin Adinnepa Song Lyrics - ඔසරි පොටින් අදින්නෙපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2022 Rating: 5

0 comments:

Post a Comment