Rathriya Wee Nihadawa Nisalawa Innam Song Lyrics - රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් ගීතයේ පද පෙළ

Rathriya Wee Nihadawa Nisalawa Innam Song Lyrics - රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් ගීතයේ පද පෙළ
Song Title : Rathriya Wee Nihadawa Nisalawa Innam (රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝණ කළුවර //
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියණේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

කළා සොලොස පිරි පුර හඳ
අතැර ගොසිනි සිය පිය බඳ //
එදා ‍දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ
අසන් හිමියණේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathriya Wee Nihadawa Nisalawa Innam Song Lyrics - රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් ගීතයේ පද පෙළ Rathriya Wee Nihadawa Nisalawa Innam Song Lyrics - රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment