Pana Se Pana Wee Song Lyrics - පන සේ පණ වී ගීතයේ පද පෙළ

Pana Se Pana Wee Song Lyrics - පන සේ පණ වී ගීතයේ පද පෙළ
Song Title : Pana Se Pana Wee (පන සේ පණ වී)
ගායනය : දමිත් අසංක


පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

ආදරේ ආදරේ නුඹ මට දුන්නේ ඔහුටත් හොරා
ජීවිතේ වැරදුනේ අන්සතු මලට පෙම් කළ නිසා
නෙතු අගින් කී කතා කීවේ නෑහැනේ අන්සතුයි කියා
උණුහුමේ ගුලි වෙලා සෙනෙහස වින්දේ මගේමයි සිතා

මා ළයේ මා ළයේ දැවෙනා ගින්න දුන්නේ ඔයා
ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියා
ඉන්නේ මා කෙලෙසදෝ ඔය නෙත් මතක අඳුරේ දමා
ජීවිතේ නැවතුනේ අන්සතු නුඹට පෙම් කළ නිසා

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pana Se Pana Wee Song Lyrics - පන සේ පණ වී ගීතයේ පද පෙළ Pana Se Pana Wee Song Lyrics - පන සේ පණ වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2022 Rating: 5

0 comments:

Post a Comment