Oba Duraka Gihin Song Lyrics - ඔබ දුරක ගිහින් ගීතයේ පද පෙළ

Oba Duraka Gihin Song Lyrics - ඔබ දුරක ගිහින් ගීතයේ පද පෙළ
Song Title : Oba Duraka Gihin (ඔබ දුරක ගිහින්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ඉන්ද්‍රසිරි සුරවීර
තනුව හා සංගීතය : ඉන්ද්‍රජිත් මිරිහාන


ඔබ දුරක ගිහින්

ඔබ දුරක ගිහින්
පුංචි මතකයක්
පරිස්සමට හද තුළ රඳමි
දෑසක දැවටෙන
දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්

දෑසට නොපෙනෙන සිතිවිලි ඉකිබිඳ
වන්දනීය ආත්ම ගමනේ
දුටුව නිසයි ඔබෙ හදවත විනිවිද
සියුමැලි සිත හොඳටම බැඳුනේ

ඔබ දුරක ගිහින්
පුංචි මතකයක්
පරිස්සමට හද තුළ රඳමි
දෑසක දැවටෙන
දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්

යම් මතු දිනයක හමු නොවුනද අපි
සැමරුම් සෙනෙහස හද පුදමී
සමුගත්තද ඔබ දුකම තුරුළු කර
නිබඳව ඔබ සිහිනේ රඳමී

ඔබ දුරක ගිහින්
පුංචි මතකයක්
පරිස්සමට හද තුළ රඳමි
දෑසක දැවටෙන
දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Duraka Gihin Song Lyrics - ඔබ දුරක ගිහින් ගීතයේ පද පෙළ Oba Duraka Gihin Song Lyrics - ඔබ දුරක ගිහින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment