Nathasha Song Lyrics - නතාෂා ගීතයේ පද පෙළ

Nathasha Song Lyrics - නතාෂා ගීතයේ පද පෙළ

Nathasha Song Lyrics - නතාෂා ගීතයේ පද පෙළ
Song Title : Nathasha (නතාෂා)
ගායනය : කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය : කසුන් කල්හාර
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල


නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ආයෙත් ආයෙත් ආයෙත් එනවා
අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා
නිල් නිල් නිල් දැහැනේ එලෙනවා
සිත්සේ දොතොලේ පහසේ ඔබ මා
සිඹිනවා සිහිනෙන් තැවෙනවා

පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී

හදවතේ ගිණි අවුලා
මා දෑසේ ගිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා

ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා
සයුරෙ රළසේ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා
සැනසුනා සිහිනේ මැවෙනවා

නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කලා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nathasha Song Lyrics - නතාෂා ගීතයේ පද පෙළ Nathasha Song Lyrics - නතාෂා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2022 Rating: 5

0 comments:

Post a Comment