Mura Dewathawa Nubayi Himiyane Song Lyrics - මුර දේවතාවා නුඹයි හිමියණේ ගීතයේ පද පෙළ

Mura Dewathawa Nubayi Himiyane Song Lyrics - මුර දේවතාවා නුඹයි හිමියණේ ගීතයේ පද පෙළ
Song Title : Mura Dewathawa Nubayi Himiyane (මුර දේවතාවා නුඹයි හිමියණේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මුර දේවතාවා නුඹයි හිමියණේ
දිය ගොඩ අහස
ලක් බිම පියස
සුරකින දෙ ඇස
නුඹමයි රහස මගෙ හිමියණේ
මුර දේවතාවා නුඹයි හිමියණේ

අව් වැසි රඳන
මහ වන ගහන
රුදු රළ බිඳෙන සමුදුර, ගගන
රට ජාතියට උවටැන් කරන
මටත් මගෙ දූ පුතුන්ටත් ආඩම්බරයි නුඹ හිමියණේ

රුපු ඔද බිඳුම
පමණම නොවන
මහ පිංකමකි රට දැය රැකුම
ගේ දොර අඩුව
විමසන සොඳින
මටත් මගෙ දූ පුතුන්ටත් ආඩම්බරයි නුඹ හිමියණේ

මුර දේවතාවා නුඹයි හිමියණේ
දිය ගොඩ අහස
ලක් බිම පියස
සුරකින දෙ ඇස
නුඹමයි රහස මගෙ හිමියණේ
මුර දේවතාවා නුඹයි හිමියණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mura Dewathawa Nubayi Himiyane Song Lyrics - මුර දේවතාවා නුඹයි හිමියණේ ගීතයේ පද පෙළ Mura Dewathawa Nubayi Himiyane Song Lyrics - මුර දේවතාවා නුඹයි හිමියණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment