Jiwithaya Aluthin Song Lyrics - ජීවිතය අළුතින් ගීතයේ පද පෙළ

Jiwithaya Aluthin Song Lyrics - ජීවිතය අළුතින් ගීතයේ පද පෙළ
Song Title : Jiwithaya Aluthin (ජීවිතය අළුතින්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ජීවිතය අළුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මඟ පුරන්නට ඇත්නම් //

ජීවිතේ වැරදුනු තැන්
නිසා වූ කම්පාවන් //
යළිදු නොවිඳින්නට
ලබන දිවි මඟ ලොවට හිත ඇති
මාවතක් කර ගන්නම්

ජීවිතය අළුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මඟ පුරන්නට ඇත්නම්

ලැබූ අමිහිරි පාඩම්
මැවූ සිත් පීඩාවන් //
යළිත් නොලබන්නට
ලබන පණ නල ලොවට සිහිලැති
මදනලක් කර ගන්නම්

ජීවිතය අළුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මඟ පුරන්නට ඇත්නම්

ජීවිතය අළුතින්
ලබන්නට ඇත්නම් //

ලාලලා ලා ලා
හ්ම් ම්හ් ම් ම්

හ්ම් ම්හ් ම් ම්
ලාලලා ලා ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithaya Aluthin Song Lyrics - ජීවිතය අළුතින් ගීතයේ පද පෙළ Jiwithaya Aluthin Song Lyrics - ජීවිතය අළුතින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment