කැරමල් පුඩිං හදමු 🍮️ (Karamal Pudin)

කැරමල් පුඩිං හදමු 🍮️ (Karamal Pudin) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ඉතාමත් පහසුවෙන්, අඩු වියදමකින් හා ඉක්මනින් හදා ගන්න පුළුවන් රසම රස අතුරුපසක් අරන් ආවා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 බිත්තර 2ක් 
  • 🎈 උණුසුම් කිරි කෝප්ප 1 ක් 
  • 🎈 සීනි මේස හැඳි 3 ක්
  • 🎈 වැනිලා තේ හැඳි 1/2 ක්
  • 🎈 කැරමල් සඳහා සීනි කෝප්ප 1/4ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම සීනි කෝප්ප 1/4 ,වතුර මේස හැන්දක් පමණ දමා කැරමල් කර , උණුවතුර මේස හැඳි 2 ක් පමණ එකතු කර ගන්න.
  2. ♦️ දැන් මේ කැරමල් , පුඩිං දමන භාජනය ට දමා පසෙකින් තබන්න.
  3. ♦️ වෙනත් භාජනයක් ගන්න , බිත්තර කඩා එයට දමන්න. බිත්තර යාන්තමින් ගසා ගන්න.
  4. ♦️ එයට සීනි සහ ලුණු ද එකතු කර ගසා ගන්න.
  5. ♦️ දැන් එම මිශ්‍රණය ට උණුසුම් කිරි ටික ටික එකතු කරමින් සීනි දියකර ගන්න.
  6. ♦️ වැනිලා එකතු කරන්න. (ගොඩක් බීට් කරන්න අවශ්‍ය නැහැ ,හැන්දකින් හෝ විස්ක් එකකින් සීනි දියවන තුරු ගසා ගත්තම ඇති)
  7. ♦️ සීනි හොඳින් දිය වූ පසු මිශ්‍රණය පෙරා පුඩිං දමන භාජනය ට දමන්න.
  8. ♦️ තැටියක් ගෙන උතුරණ වතුර කෝප්පයක් එයට දමා පුඩිං භාජනය ඒ මත තබන්න.
  9. ♦️ 150 ° C උෂ්ණත්වයේ විනාඩි 40 ක් පමණ බේක් කර ගන්න.
  10. ♦️ හොඳින් නිවුනු පසු පැය දෙකක් පමණ ශීතකරණයේ තබා බඳුනෙන් ඉවත් කර වෙනත් භාජනයකට  අනිත් පැත්ත  දමා ගන්න.

 මේක හදා ගන්න ඉතාමත් පහසුයි , ඒවගේම ගොඩාක් රසයි. ඔන්න එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
කැරමල් පුඩිං හදමු 🍮️ (Karamal Pudin) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැරමල් පුඩිං හදමු 🍮️ (Karamal Pudin) කැරමල් පුඩිං හදමු 🍮️ (Karamal Pudin) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2022 Rating: 5

0 comments:

Post a Comment