Jeevanaye Adaraye Song Lyrics - ජීවනයේ ආදරයේ ගීතයේ පද පෙළ

Jeevanaye Adaraye Song Lyrics - ජීවනයේ ආදරයේ ගීතයේ පද පෙළ
Song Title : Jeevanaye Adaraye (ජීවනයේ ආදරයේ)
ගායනය : ක්ලැරිස් ද සිල්වා සමග එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1962 දී තිරගතවූ "සුහද දිවි පිදුම" චිත්‍රපටියේ ගීයකි.


ජීවනයේ
ආදරයේ
සේද වලා නිල් අහසේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ

ආදරියේ
රාජණියේ
සීත සුළං නිල් ගුවනේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ
ආදරියේ

හ්ම්.. ම්ම්.....
ම්.. ම්.. ම් ම්.....
ආ.. ආ ආ.....
ආ.. ආ ආ.....

ආදර රළ විසිරී ගොස් මුහුද සිඹිනවා
මහද ඔබට පියඹා ගොස් හාදු පුදනවා
ආ.. ආ ආ.....
ආ.. ආ ආ.....

හ්ම්.. ම්ම්.....
ම්.. ම්.. ම් ම්.....
ආ.. ආ ආ.....
ආ.. ආ ආ.....

රැල්ල පෙරළි පෙරළී ගොස් වෙරළ සිඹිනවා
අන්න එලෙස ඔබෙත් මගෙත් කාලෙ ගෙවෙනවා
ආ.. ආ ආ.....
ම්.. ම් ම්.....

රැල්ල පෙරළි පෙරළී ගොස් වෙරළ සිඹිනවා
අන්න එලෙස ඔබෙත් මගෙත් කාලෙ ගෙවෙනවා

සදාදරේ (ම්.....
කුසුම් පිපේ (ආහා.....
සදාදරේ කුසුම් පිපේ
වෙනස් නොවී අපේ පෙමේ රසය ගෙනෙනවා

ආදරියේ
රාජණියේ
සීත සුළං නිල් ගුවනේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ
ආදරියේ

ජීවනයේ
ආදරයේ
සේද වලා නිල් අහසේ පාවී ගියේ
ඔබෙයි මගෙයි ආදරේ එක්කළා වගේ
ජීවනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeevanaye Adaraye Song Lyrics - ජීවනයේ ආදරයේ ගීතයේ පද පෙළ Jeevanaye Adaraye Song Lyrics - ජීවනයේ ආදරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment