Hita Ridena Tharam Mage Song Lyrics - හිත රිදෙන තරම් මාගේ ගීතයේ පද පෙළ

Hita Ridena Tharam Mage Song Lyrics - හිත රිදෙන තරම් මාගේ ගීතයේ පද පෙළ
Song Title : Hita Ridena Tharam Mage (හිත රිදෙන තරම් මාගේ)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : ඩිලාන් ගමගේ
තනුව : උදාර සමරවීර


හිත රිදෙන තරම් මාගේ
ඔබට දැනේනම්
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්
දෑස් රිදෙනකන් බැලුවත්
ඔයා එන්නෙ නෑ ඉතින්
කඳුළු පමණි උරුම මට ඔබෙන්

ඔබට ම සිතී
ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා //

ඔබ දුටුව මේ දෙනෙතේ
කඳුළැල් වෙසෙන්නේ
හද සුසුම් තරඟෙටයි හඬන්නේ
අමතක කළා දෝ
අපි ගෙවු අතීතේ
ඒ සිනහා වෙන්වී ගියේ
ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා

මට මැවුව සෙවණැල්ලේ
වෙනකෙකු සිටින්නේ
මට ඉඩක් නැතිදෝ දැන් හදේ
මදිවී ගියාදෝ
මා පිදු සෙනේහේ
ආව ඉක්මනින් ඔබ ගියේ
ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා

හිත රිදෙන තරම් මාගේ
ඔබට දැනේනම්
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්
දෑස් රිදෙනකන් බැලුවත්
ඔයා එන්නෙ නෑ ඉතින්
කඳුළු පමණි උරුම මට ඔබෙන්

ඔබට ම සිතී
ළංවුණා වෙන්වුණා
මා තාම උන් තැන තමා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hita Ridena Tharam Mage Song Lyrics - හිත රිදෙන තරම් මාගේ ගීතයේ පද පෙළ Hita Ridena Tharam Mage Song Lyrics - හිත රිදෙන තරම් මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2022 Rating: 5

0 comments:

Post a Comment