Ekamath Eka Dawasaka Song Lyrics - එකමත් එක දවසක ගීතයේ පද පෙළ

Ekamath Eka Dawasaka Song Lyrics - එකමත් එක දවසක ගීතයේ පද පෙළ
Song Title : Ekamath Eka Dawasaka (එකමත් එක දවසක)
ගායනය : නිරංජලා මංජරී
සංගීතය : ලෙලුම් රත්නායක
ගී පද : චරිත් සේනානායක


එකමත් එක දවසක
සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා
ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

අහසේ ඈත කෙලවර
නිවි නිවී දිළෙනා
තරු පොකුරු වලට
අපි කවි කිව්වා
ජීවිතේ ගිම්හානයේ
අපි වස්සාන හීන මැව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක
සාගරේ ලවැලි වෙරළක
අපි සිතිජ ඉමට
සිත් පා කෙරුවා
අතරමං වූ ජීවිතේ
අපි මඟ සලකුණු සෙව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක
සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා
ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ekamath Eka Dawasaka Song Lyrics - එකමත් එක දවසක ගීතයේ පද පෙළ Ekamath Eka Dawasaka Song Lyrics - එකමත් එක දවසක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment