Dharmadhikaranaya Song Lyrics - ධර්මාධිකරණය ගීතයේ පද පෙළ

Dharmadhikaranaya Song Lyrics - ධර්මාධිකරණය ගීතයේ පද පෙළ
Song Title : Dharmadhikaranaya (ධර්මාධිකරණය)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සරත් දසනායක


ධර්මාධිකරණයට කැඳවීමි ස්වාමීනි මෑ

මැගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුළාවී සිටින්නී
විමුක්තිය නාමයෙන් හඬන්නී
මැගේ නම ලංකාය

උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
මල්වර ව නාඹර ව බබලමින් සිටියාය මෑ
සල්ලාල පාශයෙන් බොහෝ වර මිදුණාය මෑ
සිත දුබල වූ දිනෙකවියවුලෙහි වැටුණාය මෑ
මැගේ නම ලංකාය

කුමර් බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ
සලෙළුනට රැවටෙමින් සිය රුසිරු පිදුවාය මෑ
ඉසුරු සඳහා ඔවුන් උගසට ද තැබුවාය මෑ
අසරණව අද මෙසේ මහමඟට වැටුණාය මෑ

මැගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුළාවී සිටින්නී
විමුක්තිය නාමයෙන් හඬන්නී
මැගේ නම ලංකාය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dharmadhikaranaya Song Lyrics - ධර්මාධිකරණය ගීතයේ පද පෙළ Dharmadhikaranaya Song Lyrics - ධර්මාධිකරණය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment