Kala Wawen Gath Song Lyrics - කලා වැවෙන් ගත් ගීතයේ පද පෙළ

Kala Wawen Gath Song Lyrics - කලා වැවෙන් ගත් ගීතයේ පද පෙළ
Song Title : Kala Wawen Gath (කලා වැවෙන් ගත්)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ස්ටැන්ලි පීරිස්


කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මට මැ අගී

කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවාගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පද'රුත් පසිඳමි

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මට මැ අගී

සමනල සිරසින් විහිදුණු බුදු රැස්
සියැසින් දැකගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සඟමොක් සැපතෙහි අමරස වළඳමි

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මට මැ අගී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kala Wawen Gath Song Lyrics - කලා වැවෙන් ගත් ගීතයේ පද පෙළ Kala Wawen Gath Song Lyrics - කලා වැවෙන් ගත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment