දවසේ වැදගත්කම - අප්‍රේල් 29 ජාත්‍යන්තර නර්තන දිනය (Significance Of The Day - April 29 International Dance Day) - Your Choice Way

දවසේ වැදගත්කම - අප්‍රේල් 29 ජාත්‍යන්තර නර්තන දිනය (Significance Of The Day - April 29 International Dance Day) - Your Choice Way

යුනෙස්කෝවේ ප්‍රසංග කලා සම්බන්ධයෙන් ප්‍රධාන හවුල්කාර පාර්ශ්වය ලෙස කටයුතු කරන ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ [International Theatre Institute] නර්තන කමිටුව [International Dance Committee] විසින් ජාත්‍යන්තර නර්තන දිනය නිර්මාණය කරන ලදි. මෙම දිනය නර්තන කලාවේ සාරධර්ම හා වැදගත්කම දැක ගත හැකි අය සඳහා සැමරුම් දිනයක් ලෙස පෙන්වා දිය හැකි ය.

1982 දී ජාත්‍යන්තර නාට්‍ය ආයතනය ආරම්භ කළ දා පටන් අද දක්වා එහි නර්තන කමිටුව සැම වසරක ම අප්‍රේල් 29 වන දිනය ජාත්‍යන්තර නර්තන දිනය ලෙස ප්‍රකාශයට පත් කර  සමරනු ලැබේ.

ජාත්‍යන්තර නර්තන දිනය ලෙස අප්‍රේල් 29 යොදා ගැනීමට හේතුව වී ඇත්තේ  නූතන මුද්‍රා නාට්‍යයේ නිර්මාතෘ සේ සැලකෙන  ජීන් ජෝර්ජ් නෝර්වේ  ශිල්පියාගේ උපන් දිනය මෙදිනට යෙදී ඇති බැවිනි.

නර්තනයෙහි වටිනාකමත්, ආර්ථික වර්ධනය සඳහා එහි විභවයන් තවමත් අවබෝධ වී නොමැති ජනතාවට පෞද්ගලිකවත්, රජයන්, දේශපාලකයන් සහ ආයතන සඳහා අවදි කිරීමේ සිහි කැඳවීමක්  ලෙස ක්‍රියාත්මක වීම අරමුණු වන බව ජාත්‍යන්තර නාට්‍ය ආයතනය [International Theatre Institute] පවසා සිටිනවා.  

සැම වසරක ම කැපී පෙනෙන නර්තන ශිල්පියෙකුගේ හෝ නර්තන රචකයෙකුගේ පණිවිඩයක් ලොව පුරා සංසරණය වීමට සැලැස්වීම තුළින් මෙම කලාවේ විශ්වීයත්වය තුළ නර්තනීය ප්‍රමෝදය සැමරීම, සියලු දේශපාලන, සංස්කෘතික හා ජනවාර්ගික බාධක පසු කළා වූ  පොදු භාෂාවක් ලෙස "නර්තනය" සමඟ ජනතාව එක් කිරීමටත් ජාත්‍යන්තර නාට්‍ය ආයතනය [International Theatre Institute] කටයුතු කරනවා.

සටහන : ෂලිත එරන්ද පීරිස් ✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - අප්‍රේල් 29 ජාත්‍යන්තර නර්තන දිනය (Significance Of The Day - April 29 International Dance Day) - Your Choice Way දවසේ වැදගත්කම - අප්‍රේල් 29 ජාත්‍යන්තර නර්තන දිනය (Significance Of The Day - April 29 International Dance Day) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment