Nube Asata Asa Thiyala Song Lyrics - නුඹේ ඇසට ඇස තියලා ගීතයේ පද පෙළ

Nube Asata Asa Thiyala Song Lyrics - නුඹේ ඇසට ඇස තියලා ගීතයේ පද පෙළ

Nube Asata Asa Thiyala Song Lyrics - නුඹේ ඇසට ඇස තියලා ගීතයේ පද පෙළ
Song Title : Nube Asata Asa Thiyala (නුඹේ ඇසට ඇස තියලා)
ගායනය : නිරංජලා සරෝජිනී සමඟ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


නුඹේ ඇසට ඇස තියලා බැලූයෙමී
කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී
නුඹේ කණට කණ තියලා ඇසූයෙමී
කිසියම් හඬක් පිළිරැව් දී තුනී වුණී

ඒ කවුරුන්ද මා විපරම් කෙරූයෙමී
ඒ හැම වරෙක නුඹ නොදොඩා සිනාසුණී

මා අත් ඇඟිලි නුඹ අතැඟිලි වෙලා වුණී
මා ගත සුවඳ නුඹෙ සියොළඟ වසා වුණී
දුක් ගිනි සා පවස දැණුනෙද එකා මෙනී
නුඹ මම යයි මම නුඹ යයි කියා වුණී

මගේ ඇසට ඇස තියලා බැලූ සඳේ
කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී
මගේ කණට කණ තියලා ඇසූ සඳේ
කිසියම් හඬක් පිළිරැව්‍ දී තුනී වුණී

ඒ කවුරුන්ද යළි විපරම් නොකළ මැනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nube Asata Asa Thiyala Song Lyrics - නුඹේ ඇසට ඇස තියලා ගීතයේ පද පෙළ Nube Asata Asa Thiyala Song Lyrics - නුඹේ ඇසට ඇස තියලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment