ලෝක ඉතිහාසයේ සිදු වූ අසාමාන්‍ය මරණ 05 ක් (05 Abnormal Deaths)

ලෝක ඉතිහාසයේ සිදු වූ අසාමාන්‍ය මරණ 05 ක් (05 Abnormal Deaths) - Your Choice Way

මරණය නම් අපි ඕනෑම අයෙකුට පොදු ධර්මතාවයකි.විශ්වයේ ආරම්භයේ සිට අද වන තෙක්, මේ මොහොත වන තෙක් නොගැනිය හැකි තරම් සත්ත්වයින් මියගොස් තිබෙනවා මෙන්ම මිය යමින් සිටිනවා. මරණය කිසි විටෙක සියල්ලන්ට එක් ආකාරයට දැනෙන්නේ නැත. යමෙකුගෙ මරණයක් තවත් අයෙකුගේ හදවතක සතුටක් ද තවකෙකුගෙ හදවතක දුඃඛදායක හැඟීම් සමුදායක් ද ඉතිරි කිරීමට සමත් වේ.

නමුත් පොදුවේ ගත් කළ සියළු දෙනාට ම දුකකට මත්තෙන් සියුම් හාස්‍යක් ද විශ්මයක් ද ගෙනදෙන මරණ ඉතිහාසයේ සිදුවී තිබේ.ඉතින් අපි අද කතාකරමු ඒ ගැන.

1. Pietro Aretino (පියට්‍රෝ ඇරෙටිනෝ)
ඉතාලියේ ප්‍රබල ලේඛකයෙකු වූ‘ලිබර්ටි පියට්‍රෝ ඇරෙටිනෝ’ දිනක් තමන්ට ලැබූ ආරාධනයක් නිසා දිවා ආහාරයකට තම මිතුරෙකුගේ නිවසට ගිය අතර එහි දී යමෙක් සිදු කල ‘අසභ්‍ය විහිලුවක්’ නිසා සිනහව පාලනය කර ගත නොහැකිව දිගින් දිගට ම අධිකව සිනාසෙන්නට විය. අවසානයේ අධිකව සිනාසීම නිසා හුස්ම හිරවීමෙන් ‘1556 ඔක්තෝබර් 21 දින’ ඔහු මියගොස් ඇත.

2. Hans Staininger (හාන්ස් ස්ටෙයිනින්ගර්)
හාන්ස් ස්ටෙයිනින්ගර් එවකට බැවේරියා  (වර්තමාන ඔස්ට්‍රියාව) හි ජීවත් වූ අයෙක්.මොහු අසාමාන්‍ය ලෙස තම රැවුල වැවීමම මොහුගේ මරණයට හේතුවුනා කිවහොත් එය නිවැරදී. මොහුගේ රැවුලේ සාමාන්‍ය දිග අඩි 4.5 (1.4 m ) පමණවූ බවයි සඳහන් වෙන්නේ. හාන්ස් ඔහුගේ මේ රැවුලට බොහෝ ප්‍රියකර ඇති අතර ඇවිදීමට රැවුලෙන් වූ අපහසුතාවය මගහැර ගැනීමට රැවුල ඔතා සම්බෑගයක බහාගෙන සිටි බවද වැඩිදුරටත් ඉතිහාස මුලාශ්‍රවල සඳහන් වෙනවා. දිනක් තම රැවුලේ පිරිපුන් බව සහ අලංකාර බව පෙන්වීම සඳහා හාන්ස් තම රැවුල සම් මල්ලෙන් ඉවතට ගෙන නිදහසේ පහතට එල්ලා වැටෙන්නට සලස්වා කඩිමුඩියේ මිනිසුන් අතර ඇවිදයන විටකදී තමාගේම රැවුලේ පය පැටලී බෙල්ල කැඩීයාමෙන් 1567 වර්ශයේදී ඔහු මියයනවා.

3. Francois Vatel (ෆ්‍රැන්සිස් වේටෙල්)
ප්‍රංශයේ 14 වන ලුවී රජුට ගෞරවයක් වශයෙන් ඔහු මියගිය Château de Chantilly (චැටියෝ ද චැන්ටිලී) හීදි 2000 කින් යුත් පිරිසකට 1671 අප්‍රේල් 24 දින භෝජන සංග්‍රහයක් පැවැත්වීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා වගකීම භාරගනු ලැබුවේ 2 වන ලුවී ද බෝර්බන්-කොන්ඩේ කුමාරයාගේ හිතවතෙක් වූ වේටෙල් විසින්ය. උත්වසය සියළු උත්කර්ෂයෙන් ආරම්භවීමට සූදානමින් තිබුණත් එදින සංග්‍රහයට ඇණවුම් කරතිබූ seafood( මුහුදුආහාර) පැමිණීමට ප්‍රමාද වී තිබුණි. ඊට සිත්තැවුලට පත්වූ වේටෙල් තම අසිපතගෙන එයින් සියදිවි නසාගෙන ඇති අතර හාස්‍යට කරුණ නම් ඔහුගේ මළසිරුර සොයාගෙන ඇත්තේ ඇණවුම් කල seafood ගෙනා බව දැන්වීමට පැමිණි මිනිසෙකු වීමයි.

4. Grigori Rasputin (ග්‍රෙගරි රස්පුටීන්)
රුසියානු ජාතික ග්‍රෙගරි රස්පුටීන් පිළිබඳව නොදන්නා අයෙක් නැතිතරම්‍ ය.ඔහු පිළිබඳ කියනවානම් පොතක් ලිවීමට කරුණුත් කටකතාත් ඇත.එහෙත් ඒ සියල්ල කීමට තරම් මටද කියවීමට තරම් ඔබටද කාලය මිඩංගු කිරීම අපහසු බැවින් මාතෘකානුකූලව ඔහුගේ අසාමාන්‍ය මරණය ගැන මෙහි සඳහන් කරමි. එය මරණයකට වඩා මිනීමැරුමකි. තම බිරිඳව අනියම් සම්බන්ධයකට පෙළඹවාගත් බව දැනගෙන ඉන් කෝපයට පත්වූ ෆීලික්ස් යූසුඕව් කුමරු රස්පුටීන්ව මරා දැමීමට ඔහුගේ නිවසට පිටත්ව ගියේය. එහිදී ඔහු රහසේම රස්පුටීන් පානය කල තේ වලටද වයින්වලට ද ආහාරයට ගත් කේක්වලට ද සයනයිඩ් මිශ්‍රකළ අතර එය ආහාරයට ගත්තද රස්පුටීන්ට කිසිඳු බලපෑමක් වූ බවට දැකීමට නොහැකිවිය. පසුව කලබලයට පත් යූසුපොව් කුමරු ඔහුගේ පපුවට වෙඩිල්ලක් තැබීය. ඉන් රස්පුටීන් බිම ඇදවැටී ගිය අතර වෙඩිපහරින් රස්පුටීන් මියගියේ යැයි සිතා ඔහු ආසන්නයට පැමිණි යූසුපොව්ට ක්ෂණිකව සිදුවූයේ කුමක්ද අදහාගත නොහැකිවිය. නැගීසිටි රස්පුටීන් යූසුපොව්ට පැන පැන පහර දුන්නේය. රස්පුටීන්ගේ ග්‍රහණයෙන් ගැලවී පලාගිය යූසුපොව්. නැවත වරක් රස්පුටීන්ගේ පසු පසින් පැමින නැවත වරක් රස්පුටීන්ට වෙඩිතැබූ යූසුපොව් කුමරු ඉන් අනතුරුව රස්පුටීන්ව හිමකන්දකින් පහලට ඇදදමා “1916 දෙසැම්බර් 30 දින” ඝාතනය කරේය.

5. Franz Reichelt (ෆ්‍රාන්ස් රිචෙල්ට්)
මැහුම්කරුවෙකු සහ නව නිපැයුම්කරුවෙකු වූ ෆ්‍රාන්ස් රිචෙල්ට් දිනක් ඔහුගේ රෙදි වලින් සෑදූ පැරෂුටය පරික්ෂා කිරීම සඳහා බලධාරීන්ගෙන් අවසර ඉල්ලා සිටි අතර බලධාරීන් මෙන්ම ඔහුගේ මිතුරන්ද ඔහුට පැවසුවේ මෙම පරීක්ෂණය සඳහා පළමුව ඩමියක් භාවිත කරන ලෙසටයි. නමුත් ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ “මගේ නව නිපැයුමේ වටිනාකම ඔප්පුකිරීමට මම අදහස් කරමු” යැයි කියමින්ය. පසුව ඔහු පැරෂුටය ද පැළඳගෙන අයිෆල් කුළුන මතින් බිමට පැන්නද, පැරෂුටය හරිහැටි ක්‍රියානොකල නිසා “1912 පෙබරවාරි 4 දින” මරණයටපත්විය.
මෙවැනි අසාමාන්‍ය මරණ විශාල ප්‍රමාණයක් එදාමෙදා තුළ ලොව සිදුවීඇත. ඉදිරියටත් සිදුවනු නොඅනුමානය. ඇතැම් මරණ ඉතා හාස්‍යජනක වුවද පෙර පැවසූ සේම මරණය හුදෙක් බිහිසුණු අත්දැකීමක්ම වේ. එය අවිවාදයෙන් ඕනෑම අයෙකු පිළිගන්නා සත්‍යකි…

...................අන්තර්ජාලය ඇසුරෙනි..................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝක ඉතිහාසයේ සිදු වූ අසාමාන්‍ය මරණ 05 ක් (05 Abnormal Deaths) ලෝක ඉතිහාසයේ සිදු වූ අසාමාන්‍ය මරණ 05 ක් (05 Abnormal Deaths) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2022 Rating: 5

0 comments:

Post a Comment