Yadamin Benda Wilangu Laa Song Lyrics - යදමින් බැඳ විලංගුලා ගීතයේ පද පෙළ

Yadamin Benda Wilangu Laa Song Lyrics - යදමින් බැඳ විලංගුලා ගීතයේ පද පෙළ
Song Title : Yadamin Benda Wilangu Laa (යදමින් බැඳ විලංගුලා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක


යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගු ලා...//

ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

යදමින් බැද විලංගු ලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yadamin Benda Wilangu Laa Song Lyrics - යදමින් බැඳ විලංගුලා ගීතයේ පද පෙළ Yadamin Benda Wilangu Laa Song Lyrics - යදමින් බැඳ විලංගුලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2022 Rating: 5

0 comments:

Post a Comment