දේශපාලන ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන වංචාවන්ගෙන් එකක් වූ වෝටර්ගේට් වංචාව (Watergate Fraud)

දේශපාලන ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන වංචාවන්ගෙන් එකක් වූ වෝටර්ගේට් වංචාව (Watergate Fraud) - Your Choice Way

වෝටර්ගේට් වංචාව යනු 1970 දශකයේ ඇමරිකානු දේශපාලනයේ සිදු වූ විශාල අපකීර්තිමත් සිදු වීමකි. මෙහිදී 1972 ජනාධිපතිවරණ සමයේදී නීති විරෝධී ක්‍රමවේදයන් භාවිතා කර ඇති බව සොයා ගන්නා ලද අතර එය හේතුවෙන් අවසානයේ එවකට ජනාධිපතිව සිටි රිචඩ් එම්. නික්සන්ට 1974දී ඉල්ලා අස්වීමටද සිදු විය.

1972 නොවැම්බරයේදී රිපබ්ලිකන් අපේක්ෂක රිචඩ් එම්. නික්සන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝර්ජ් මැක්ගවර්න් පරදා එක්සත් ජනපද ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් විය. එහෙත් ඊට වසරකට පෙර තිබූ තත්ත්වය ඉතා වෙනස් එකක් විය. වියට්නාම් යුද්ධය අවසන් කරන බවට දුන් පොරොන්දුව ඉටු නොකළ නිසා ජනාධිපති නික්සන්ගේ ජනප්‍රියත්වය විශාල ලෙස පහත වැටී තිබුනි. අනෙක් අතට ඩිමොක්‍රටික් කඳවුරේ ඒ වන විට අපේක්ෂකත්වය සදහා ඉතා ඉදිරියෙන් සිටියේ මධ්‍යස්ථ එක්සත් ජනපද සෙනෙට් සභික එඩ්මන්ඩ් මස්කිය. ඔහු සමග එම පක්ෂයේ අපේක්ෂකත්වය සදහා තරග වැදුනේ වාමාංශික පුද්ගලයෙකු වූ මැක්ගවර්න්ය. බොහෝ දෙනා විශ්වාස කළේ මස්කි ජනාධිපති අපේක්ෂකයා වී මැතිවරණය ජය ගනු ඇති බවයි.

එහෙත් ඡන්ද ව්‍යාපාරය අතරතුර පුදුම සහගත සිදුවීම් රාශියක් සිදු වුණු අතර එයින් පසු පැවති තත්ත්වය උඩු යටිකුරු වීමට පටන් ගන්නා ලදී. එහි සිදු වූ පුදුම සහගත දේ නම් රිපබ්ලිකානුවන් මස්කිගේ උපාය මාර්ග හා සැලසුම් හරියටම දැන සිටීම හා ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමයි. මෙයින් උපරිම ඵල නෙළා ගැනීමට සමත් වූ මැක්ගවර්න් ඉතා පහසුවෙන් ඉදිරියෙන් සිටි අතර මස්කිගේ බලාපොරොත්තු එයත් සමග සුන් වී යන ලදී.  අවසානයේ නාම යෝජනා දිනා ගැනීමට මැක්ගවර්න් සමත් විය.

සැබැවින්ම නික්සන්ට අවශ්‍ය වූයේද එයයි. මැක්ගවර්න් ඉතා රැඩිකල් පුද්ගලයකු වූ අතර ඔහුව පහසුවෙන් පරාජය කිරීමට හැකි බව නික්සන් දැන සිටින ලදී.

1972 ජුනි 17 වන දින වොෂිංටන්හි වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටි ඩිමොක්‍රටික් පක්ෂ මූලස්ථානයට කඩා වැදුනු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. බොහෝ මත පළ වූයේ මෙම කඩා වැදීමට හේතුව වුයේ එහි ඔත්තු බැලීමට බවයි. තවත් මතයකින් කියැවුණේ මෙයට හේතුව වුයේ එහි තිබුණා යැයි කියන ජනාධිපති නික්සන්ට සම්බන්ධ ලිපි ලේඛන කිහිපයක් සොරකම් කිරීම බවයි. මේ කඩා වැදුනු පිරිස එහි තිබූ ලේඛන ඡායාරූප ගත කරගෙන තිබූ අතර බොහෝ තැන් වල සවන්දීමේ උපකරණ ස්ථාපනය කරන ලදී. 

වසරකට පසුව විනිසුරු ජෝන් සිරිකා විසින් සොරකම් කිරීමේ චෝදනාවට මොවුන්ව වැරදිකරුවන් කරන ලදී. වොෂිංටන් පෝස්ට් මාධ්‍යවේදීන් වන බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටයින් විසින් මෙම සොරකම් කිරීමේ සත්‍ය කරුණු ප්‍රථම වතාවට ජනතාවට හෙළි කරන ලදී. ඩිමොක්‍රටිකයන්ගේ මැතිවරණ ව්‍යාපාරය විනාශ කිරීම සඳහා ජනාධිපති රිචඩ් නික්සන් විසින් මෙහෙයවන ලද රහසිගත මෙහෙයුමක කොටසක් බව මේ වාර්තාකරුවන් විසින් සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේ තමා මේ පිළිබඳව කිසිදු දෙයක් නොදන්නා බවයි.

එහෙත් මාධ්‍යවේදීන් දිගින් දිගටම මේ පිළිබඳව කරුණු වාර්තා කරන ලද අතර අවසානයේ ඔවුන් සොයා ගනු ලැබුවේ ජනාධිපතිගේ පුද්ගලික සහායකයා සහ නීති වේදියා විසින් ඩිමොක්‍රටික් ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට  කෙලින්ම නියෝග ලබා දුන් බවයි. තරුණ මාධ්‍යවේදී වුඩ්වර්ඩ් සහ බර්න්ස්ටයින් වැඩි දුරටත් සොයා ගත්තේ සොරකම සහ රිපබ්ලිකන් ජනාධිපති නැවත තේරී පත්වීමේ කමිටුව අතර සම්බන්ධතා මෙන්ම 1972 මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවීමේදී නීති විරෝධී ක්‍රියාවන්ද සිදු වී ඇති බවයි.

එහෙත් තවදුරටත් නික්සන් විසින් ප්‍රකාශ කර සිටියේ ඔහු නිර්දෝෂී බවයි. ඔහු විශේෂ අභිචෝදකවරයා වූ ආකීබෝල්ඩ් කොක්ස් සේවයෙන් පහ කරනු ලැබූ අතර එයට හේතුව වුයේ ඔහු එම නඩු විභාගය නතර කිරීමට ඉඩ ලබා නොදුන් නිසාය. 

1973 අප්‍රියෙල් 30 වන දින නික්සන් සිය ප්‍රධාන උපදේශකයින් දෙදෙනා වන බොබ් හැල්ඩෙමන් සහ ජෝන් එර්ලිච්මන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් දෙදෙනාට ඒ වන විටත් නීතියෙන් චෝදනා එල්ල වී තිබූ අතර පසුව ඔවුන් සිරගත කරන ලදී. ඒ සමගම ධවල මන්දිරයේ නීති උපදේශකයා වූ ජෝන් ඩීන්ගේ සේවයද අත්හිටුවන ලදී.

පැමිණිය හැකි දෝෂාභියෝගය වළක්වා ගැනීම සඳහා නික්සන් 1974 අගෝස්තු 9 වන දින ඉල්ලා අස්විය.  ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජෙරල්ඩ් ෆෝඩ්, ජනාධිපති ධුරය දැරූ කාලය තුළ නික්සන් සිදුකළ සියලු වැරදිවලට ​​පොදු සමාවක් ලබා දුන්නේය.

වර්ෂ 2003 දී නික්සන්ගේ විශේෂ සහායක සහ ජනාධිපති නැවත තේරී පත්වීමේ කමිටුවේ නායක ජෙබ් මැග්රුඩර් ප්‍රකාශ කළේ වෝටර්ගේට් සොරකම් වසන් කිරීමට නික්සන් සම්බන්ධ වී ඇති බවත් ඒවා දුරකථනයෙන් සිදු කරන ලෙස නියෝග කළ බවත්ය.

මෙම සිද්ධියෙන් පෙන්නුම් කරන ප්‍රධාන කරුණක් නම් මාධ්‍යවේදීන් සතු බලයයි. සිය පෑන නිවැරදිව හසුරවන්නේ නම් ඇමරිකාව වැනි විශාල රටක ජනාධිපතිවරයෙකු පවා වෙනස් කිරීමට ඔවුන්ට හැකි බව ඔවුන් පෙන්වා දෙන ලදී.
දේශපාලන ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන වංචාවන්ගෙන් එකක් වූ වෝටර්ගේට් වංචාව (Watergate Fraud) - Your Choice Way
බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටයින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දේශපාලන ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන වංචාවන්ගෙන් එකක් වූ වෝටර්ගේට් වංචාව (Watergate Fraud) දේශපාලන ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන වංචාවන්ගෙන් එකක් වූ වෝටර්ගේට් වංචාව (Watergate Fraud) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2022 Rating: 5

0 comments:

Post a Comment