Tiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ

Tiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ
Song Title : Tiraya Arenawa (තිරය ඇරෙනවා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත් 1998 දී “නව රිද්ම ගී 16” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා //

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා

දෙපා සැළෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ Tiraya Arenawa Song Lyrics - තිරය ඇරෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2022 Rating: 5

0 comments:

Post a Comment