Soya Pilisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ

Soya Pilisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ
Song Title : Soya Pilisaranak (සොයා පිළිසරණක්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා.  1982 දී  "සඳකඩපහණ" කැසට් පටයටත්, නැවත 2001 වසරේදී සින්ග්ලංකා "නෑසෙන ගී රස 1" සංයුක්ත තැටිය හා කැසට් පටයටත් මේ ගීය ඇතුළත් වුණා.


සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් දිවි කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ //
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්

සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ //
පහන් වැට සේ සොයා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්

සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soya Pilisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ Soya Pilisaranak Song Lyrics - සොයා පිළිසරණක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment