Paru Palamen Song Lyrics - පාරු පාලමෙන් ගීතයේ පද පෙළ

Paru Palamen Song Lyrics - පාරු පාලමෙන් ගීතයේ පද පෙළ
Song Title : Paru Palamen (පාරු පාලමෙන්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : අශෝක කෝවිලගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මේ ගීය එළිදකින්නේ 2001 වසරේ නිකුත්වූ "පාරු පාලමෙන්"  කැසට් පටය හා සංගත තැටියෙන්.


පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

කොළඹ රටේ ඉපදුණාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා

මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා

පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paru Palamen Song Lyrics - පාරු පාලමෙන් ගීතයේ පද පෙළ Paru Palamen Song Lyrics - පාරු පාලමෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment