Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ

Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ
Song Title : Dewani Budun Lesa (දෙවැනි බුදුන් ලෙස)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය දොරට වැඩියේ 1982 දී සින්ග්ලංකා ලේබලයෙන් නිකුත්වූ "සඳකඩපහණ" කැසට් පටයෙන්. 2001 වසරේදී එය නැවතත් " නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.


දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා.....

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ Dewani Budun Lesa Song Lyrics - දෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment