Silpa Sodin Song Lyrics - සිල්ප සොඳින් ගීතයේ පද පෙළ

Silpa Sodin Song Lyrics - සිල්ප සොඳින් ගීතයේ පද පෙළ
Song Title : Silpa Sodin (සිල්ප සොඳින්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 දී එය "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, නැවත 2001 වසරේදී " නෑසෙන ගී රස 1" සංයුක්ත තැටිය හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Silpa Sodin Song Lyrics - සිල්ප සොඳින් ගීතයේ පද පෙළ Silpa Sodin Song Lyrics - සිල්ප සොඳින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2022 Rating: 5

0 comments:

Post a Comment