Sandakada Pahanaka Song Lyrics - සඳකඩ පහනක ගීතයේ පද පෙළ

Sandakada Pahanaka Song Lyrics - සඳකඩ පහනක ගීතයේ පද පෙළ
Song Title : Sandakada Pahanaka (සඳකඩ පහනක)
ගායනය : සුනිල් එදිරිසිංහ (ප්‍රථම ගීතය)
පද : වොලී නානායක්කාර (වොලී නානායක්කාරගේ ප්‍රථම චිත්‍රපට ගීත රචනය)
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
"මාතර ආච්චි" චිත්‍රපටියෙන් (1973). මෙම ගීය පසු කලකෙ පහත ඇල්බම වල ඇතුළත් වුණා.
1982 සඳකඩපහණ සින්ග්ලංකා කැසට් පටය.
2001 "The Best of Sunil Edirisinha" සින්ග්ලංකා සංගත තැටිය.
2005 "සුනිල් ගී 22" සින්ග්ලංකා සංගත තැටිය.


සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැල වෙද්දී //

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුණු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ //

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැල වෙද්දී //

හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක් ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා //

සිටී බලා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandakada Pahanaka Song Lyrics - සඳකඩ පහනක ගීතයේ පද පෙළ Sandakada Pahanaka Song Lyrics - සඳකඩ පහනක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2022 Rating: 5

0 comments:

Post a Comment