Sarungale Waral Sale Song Lyrics - සරුංගලේ වරල් සැලේ ගීතයේ පද පෙළ

Sarungale Waral Sale Song Lyrics - සරුංගලේ වරල් සැලේ ගීතයේ පද පෙළ
Song Title : Sarungale Waral Sale (සරුංගලේ වරල් සැලේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
සංගීතය : විශාරද නන්දා මාලිනී
පද රචනය : සුනිල් ආරියරත්න


සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarungale Waral Sale Song Lyrics - සරුංගලේ වරල් සැලේ ගීතයේ පද පෙළ Sarungale Waral Sale Song Lyrics - සරුංගලේ වරල් සැලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2022 Rating: 5

0 comments:

Post a Comment