Sande Kalum Sinasee Song Lyrics - සඳේ කැළුම් සිනාසී ගීතයේ පද පෙළ

Sande Kalum Sinasee Song Lyrics - සඳේ කැළුම් සිනාසී ගීතයේ පද පෙළ
Song Title : Sande Kalum Sinasee (සඳේ කැළුම් සිනාසී)
ගායනය : ශෂිකා නිසංසලා
පද : හේමසිරි හල්පිට
තනුව / සංගීතය : සරත් ද අල්විස්


සඳේ කැළුම් සිනාසී
මේ රෑ සීතලේ
තරුත් කතා කරාවී
රහසේ ආදරේ
ආවා සොයාලා
මා ගී ගයාලා
ඔබ සනසා මෙසේ
මේ චාරිකාවේ //

පාට පාට හීනයක් කියා සිතේ
වාසනාවෙ ගීතයක් වගේ හැඟේ //
ආරාධනා ගෙනේ
නෙත් මල් හී සරේ
මාගේ ලයේ ආදරේ
ආශා මවා ජීවිතේ
රැඳුනා බැඳුනා මා ඔබේ

සඳේ කැළුම් සිනාසී
මේ රෑ සීතලේ
තරුත් කතා කරාවී
රහසේ ආදරේ

වේදනා වියෝග මා හදේ නොවේ
සාගරේ සමාන ආදරේ දැනේ //
මා හීන ලෝකයේ
කුළුඳුල් හීනයේ
පාවී තියේ ආදරේ
ආශා මවා ජීවිතේ
රැඳුනා බැඳුනා මා ඔබේ

සඳේ කැළුම් සිනාසී
මේ රෑ සීතලේ
තරුත් කතා කරාවී
රහසේ ආදරේ
ආවා සොයාලා
මා ගී ගයාලා
ඔබ සනසා මෙසේ
මේ චාරිකාවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sande Kalum Sinasee Song Lyrics - සඳේ කැළුම් සිනාසී ගීතයේ පද පෙළ Sande Kalum Sinasee Song Lyrics - සඳේ කැළුම් සිනාසී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment