පුහුල් දෝසි හදමු (Puhul Dosi)

පුහුල් දෝසි හදමු (Puhul Dosi) - Your Choice Way

ඔන්න මං අද ඔයාලට වස විස නැතුව පහසුවෙන් ගෙදර හදා ගන්න පුළුවන් රස කෑමක් අරගෙන ආවා 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 පුහුල්  1 kg ක්
  • 🌼 සීනි 750 g ක්
  • 🌼 හුණු ( විට කෑමට ගන්නා හුණු) තේ හැඳි 1 ක් පමණ
  • 🌼 වැනිලා තේ හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍀 පුහුල් ගෙඩියේ පොතු සහ මදය ඉවත් කර කොටු හැඩයට අඟල් 1 1/2 ක්  පමණ සිටින සේ කැබලි කපා ගන්න.
  2. 🍀 මෙම කැබලි ගෑරුප්පුවකින් වටේට හොඳින් සිදුරු කරන්න.
  3. 🍀 පසුව ජලයෙහි හුණු දියකර සිදුරු කරගත් පුහුල් කැබලි එම ද්‍රාවණයේ පැය 2,3 ක් ගිල්වා තබන්න.
  4. 🍀 පසුව පුහුල් කැබලි එම ද්‍රාවණයෙන් ඉවතට ගෙන පිරිසිදු ජලයෙන් තුන් වතාවක් පමණ සෝදා ගන්න. හුණු ගතිය ඉවත් වනතුරු හොඳින් සෝදන්න.
  5. 🍀 සෝදා වතුර ඉවත්කර ගත් පුහුල් කැබලි භාජනයකට දමන්න.
  6. 🍀 එයට සීනි 400g ක්  සහ වතුර කෝප්ප කාලක් පමණ එකතු කර ලිප තබා රත් කරන්න . හැඳි ගාමින් සීනි දියකර ගන්න.
  7. 🍀 සීනි සිරප් සෑදී පුහුල් ටික තැම්බෙන විට තව සීනි 150g ක් එකතු කරන්න. විටින් විට හැඳි ගාන්න.
  8. 🍀 නැවත සීනි 150g ක් එකතු කර මිශ්‍ර කරන්න.
  9. 🍀 මෙම මිශ්‍රණය සිඳී  එනවිට වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.
  10. 🍀 තව සීනි 50g ක් ගෙන  පුහුල් කැබලි වල සීනි තවරා වෙනත් භාජනයකට දමන්න.

හෙළයේ රස මිහිර
පුහුල් දෝසි හදමු (Puhul Dosi) - Your Choice Way

පුහුල් දෝසි හදමු (Puhul Dosi) - Your Choice Way

පුහුල් දෝසි හදමු (Puhul Dosi) - Your Choice Way

අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුහුල් දෝසි හදමු (Puhul Dosi) පුහුල් දෝසි හදමු (Puhul Dosi) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment