Poojasanaye Oba Hinduwa Song Lyrics - පූජාසනයේ ඔබ හිඳුවා ගීතයේ පද පෙළ

Poojasanaye Oba Hinduwa Song Lyrics - පූජාසනයේ ඔබ හිඳුවා ගීතයේ පද පෙළ
Song Title : Poojasanaye Oba Hinduwa (පූජාසනයේ ඔබ හිඳුවා)
ගායනය : නන්දා මාලිනී
ගී පද : සුනිල් ආරියරත්න
සංගිතය : එච්.එම්. ජයවර්ධන


පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poojasanaye Oba Hinduwa Song Lyrics - පූජාසනයේ ඔබ හිඳුවා ගීතයේ පද පෙළ Poojasanaye Oba Hinduwa Song Lyrics - පූජාසනයේ ඔබ හිඳුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment