Malata Suwada Se Song Lyrics - මලට සුවඳ සේ ගීතයේ පද පෙළ

Malata Suwada Se Song Lyrics - මලට සුවඳ සේ ගීතයේ පද පෙළ
Song Title : Malata Suwada Se (මලට සුවඳ සේ)
ගායනය  : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 
1988 "මල් වට්ටියක්" කැසට් පටය ට සහ 2003 දී නිකුත්වූ "Best of Sunil Edirisinghe" සංගත තැටියට ඇතුළත් වුණා.


මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ //
හද සිනාවේ 
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

බමර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ
මා සොයා ඒ 
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ //
හද සිනාවේ 
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

නෙතට නුහුරු කඳුළ නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ
හිරු සිනාවේ
නොහොම් නිහඬ අරුත ආදරේ කියාවී

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ //
හද සිනාවේ 
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malata Suwada Se Song Lyrics - මලට සුවඳ සේ ගීතයේ පද පෙළ Malata Suwada Se Song Lyrics - මලට සුවඳ සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2022 Rating: 5

0 comments:

Post a Comment