Mal Nothala Mal Pani Bona Song Lyrics - මල් නොතලා මල් පැණි බොන ගීතයේ පද පෙළ

Mal Nothala Mal Pani Bona Song Lyrics - මල් නොතලා මල් පැණි බොන ගීතයේ පද පෙළ
Song Title : Mal Nothala Mal Pani Bona (මල් නොතලා මල් පැණි බොන)
ගායනය : නන්දා මාලිනී
පද : මහින්ද දිසානායක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
"දෙරණ" ටෙලි සිත්තමේ තේමා ගීයයි


මල් නොතලා මල් පැණි බොන බඹරුන් වේ නම්
ඒ බඹරුන් මල් යායට ගීයක් අන්දම් //
ගීයක් අන්දම් බඹරුන් ගීයක් අන්දම්

ගැට නොතලා ඵල වළඳින සියොතුන් වේ නම්
ඒ සියොතුන් වන වදුලට මල් රූ අන්දම් //
මල් රූ අන්දම් සියොතුන් මල් රූ අන්දම්

දළු නොතලා ලිය ගොමුවේ සා මුව යා නම්
ඒ සා මුව ලිය ගොමුවට නෑසියො අන්දම් //
නෑසියො අන්දම් සා මුව නෑසියො අන්දම්

සිත නොතලා සෙනෙහස දෙන සකි සඳ වේ නම්
හද මිහිලිය නළවන සකි මල් වැහි අන්දම් //
මල් වැහි අන්දම් සකි සඳ මල් වැහි අන්දම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Nothala Mal Pani Bona Song Lyrics - මල් නොතලා මල් පැණි බොන ගීතයේ පද පෙළ Mal Nothala Mal Pani Bona Song Lyrics - මල් නොතලා මල් පැණි බොන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2022 Rating: 5

0 comments:

Post a Comment