Mage Hithe Meyakara Song Lyrics - මගේ හිතේ මෙයාකාර ගීතයේ පද පෙළ

Mage Hithe Meyakara Song Lyrics - මගේ හිතේ මෙයාකාර ගීතයේ පද පෙළ
Song Title : Mage Hithe Meyakara (මගේ හිතේ මෙයාකාර)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ //
හෙමින් සැරේ ඇස් රතුකර
තොල් පෙති මත ගී පද දැවටුවා නේද
කොණිති ගසා හදේ කොණක්
පන්හිඳ මත සී පද පැටලුවා නේද

මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
මට නුහුරූ කවි ලොවකට
මටත් හොරා මා කැන්දන් ගියේ මන්ද
දීග ගිහින් වෙන ගේකට
ඒ කවි ලොව තුළ මා තනි කළේ මන්ද

මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Hithe Meyakara Song Lyrics - මගේ හිතේ මෙයාකාර ගීතයේ පද පෙළ Mage Hithe Meyakara Song Lyrics - මගේ හිතේ මෙයාකාර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2022 Rating: 5

0 comments:

Post a Comment