Lowama Epawee Song Lyrics - ලොවම එපාවී ගීතයේ පද පෙළ

Lowama Epawee Song Lyrics - ලොවම එපාවී ගීතයේ පද පෙළ
Song Title : Lowama Epawee (ලොවම එපාවී)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා


ලොවම එපාවී
ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැළපෙන මොහොතේ

පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිතවු හද සිහිලිල් වේ

ලොවම එපාවී
ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

ලබා නොමිනිසුන් නඟනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ

සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුලුගැන්වුණු සිත උණුසුම් වේ

ලොවම එපාවී
ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lowama Epawee Song Lyrics - ලොවම එපාවී ගීතයේ පද පෙළ Lowama Epawee Song Lyrics - ලොවම එපාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2022 Rating: 5

0 comments:

Post a Comment