බැදපු බිත්තර සුවදට ආ කලු බැළළි (Kalu Balali)

බැදපු බිත්තර සුවදට ආ කලු බැළළි (Kalu Balali) - Your Choice Way

මෙයා හිටියෙ ක්වාටස් එකක.. කොහොම හරි ඒකට ආපු පලවෙනි දවසෙම මිනිහට පොඩි අමුත්තක් දැනිල.. ඒත් වැඩිය කලබ්ල වෙලා නෑ.. මොකද ඌ එච්චර ඕව ගැන හිතන්නෙ නෑ.. මාසයක් විතර හිටිය රෑට රෑට පොඩි පොඩි සද්දෙ ඇහෙනවලු කවුරු හරි ගොරවන සබ්ද ඒත් මූ හිතල තියෙන්නෙ එහා පැත්තෙ ගෙදර අය වෙන්න ඇති කියල.. එත් මූට තේරිලා ඒක නෙවේ කියලා.

එක දවසක් මේක කරවල තෙල්දාල වහල තියලා නාලා කන්න බත් බෙදාගෙන කරවල බෙදාගන්න බැලුවම පට්ට කුනු ගදයිලු කරවල එක.. කලු පාට වෙලා මිනී කුනු ගදක්ලු එන්නෙ.. මූ ඒක විසි කරලා ලූනු ගෙඩියක් එක්ක කාලා...

ඊට දවස් 2-3 පස්සෙ තව යාලුවෙක් එක්ක බියර් එකක් බොන්න කියලා චිකන් බයිට් එකකුයි බියර් දෙකකුයි අරන් ඇවිල්ල බොන්න කියල බැලුවම අර බයිට් එකත් තනිකරම කුනු ගදයිලු කලුම කලු පාටයිලු...මුං දෙන්න හොදටම බය් වෙලා...

මට කිවුවා මචන් මෙහෙම දෙයක් උනා කියල... අපි 3ම අපේ වෙදමහත්තයා හම්බෙන්න ගියා...

වෙදමහත්තය කිව්වුව පොඩ්ඩක් බැරෑරුම් වැඩක් කියල එච්චරයි... අපිට කිවුවා බිත්තරයක් බැදල ගෙදරට ඇතුලුවන තැනින් තියල ඒක වටේට මාරු කාසි 3ක් ටියලා. ගෙදරින් පිටවෙලා බලන් ඉන්න කියලා....හැබැයි මේ දේ කරන්න කීවෙ රෑ 12ට නෙවේ... 8-9 අතර.. ඉතින් අපි කියපු විදියට එහෙම කරා.
අපි බිත්තරේ තියලා එලියට වෙලා බලං හිටියා....

විනාඩි 2ක් වත් ගියෙ නෑ අලු පාටට හුරු පූසෙක් ආව එහා ක්වාටස් එකේ ඉදලා අඇවිල්ල බිත්තරේ ඉව කරල අපේ ගේ ඇතුලට හිමීට ගියා.... හැබයි ඒ එක්කම සුදු පාට මීදුමක් වගේ දෙයකුත් ඒ බිත්තරේ අවට පැතිරිලා ක්ශනයෙන් නැති උනා.. ඒ එක්කම අර කුනු ගද ආව අපි ඉක්මනට ගේ අඇතුලට ගියා පූසෙක් තියා හූනෙක්වත් නෑ බිත්තරේ තනිකර අසූචි ගොඩක් වෙලා ගදේබෑ...

ඉතිපිසෝ කියකිය කෙලින්ම යාලුවෙකුගෙ ගෙදර ගිහිලා ඒ රෑ පහන් කරලා පහුවදා නිවාඩු දාල වෙදමහත්තයා හම්බෙන්න ගිහිල්ල කිවුව සිද්දිය..

වෙද මහත්තයා පැය් ගානක් මතුරල අපිට දුන්නා තෙල් ටිකකුයි වැලි ටිකකුයි.. අපි එදා ගිහිල්ල රෑ 8.58 වෙලාවට ඒ තෙල් ටික ගේ මැද පහනක් පත්තු කරලා ටික ටික ඔලුවෙ ගා ගත්තා... ඒ එක්කම අර ගද අපිට ආයෙ ආව හැබැයි අපි කිසි දෙයක් උයල තිබුනෙ නෑ..වැලි ටික ගෙයි හතර වටේ ඉස්සා... ඉහලා පහන නිවුවා විතරයි කෑ ගහගෙන අර අලු පාට පූසා ගේ අඇතුලෙ ඉදලා එලියට දිවුව දිවිල්ලට අපිටත් කෑ ගැහුනා...කොහෙ හිටියද කියල අපිටත් හොල්මං...

පහුවෙනිදා වෙදමහත්තයා හම්බෙන්ඩ ගිහිල්ල ඇහුව මොකක්ද සිද්දිය කියල...

දැං ඒවගෙං වැඩක් නෑ ඒව ඔක්කම හරි දැං රෑට රෑට පිරිත් ටිකක් එහෙම දාගෙන හිටියොත් හොදයි කියලා..

අදටත් අපි දන්නෙ නෑ ඒ මොකක්ද උනේ කියල හැබැයි එදා ඉදල කිසිම අවුලක් නම් නෑ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බැදපු බිත්තර සුවදට ආ කලු බැළළි (Kalu Balali) බැදපු බිත්තර සුවදට ආ කලු බැළළි (Kalu Balali) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2022 Rating: 5

0 comments:

Post a Comment