Jeewana Suwadak Danenawa Song Lyrics - ජීවන සුවඳක් දැනෙනවා ගීතයේ පද පෙළ

Jeewana Suwadak Danenawa Song Lyrics - ජීවන සුවඳක් දැනෙනවා ගීතයේ පද පෙළ
Song Title : Jeewana Suwadak Danenawa (ජීවන සුවඳක් දැනෙනවා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ධර්ම ශ්‍රී කල්දේරා
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1969 දී තිරගතවූ "මීමැස්සෝ" චිත්‍රපටියෙනි.


ජීවන සුවඳක් දැනෙනවා
තරුණ හදක් කිති කැවෙනවා
කනට කොඳුරලා නොකියන රහසක්
කියන්න මැණිකේ හිතෙනවා

මංගල සීනු හඬින් ගම පිබිදෙන දිනයේ
අනාගතේ සිතුම් පැතුම්
හකුලා එක පොදියේ
ගයා ගීත පෙම් අමරස කලතා සුකුමලියේ
අතිනත ගෙන දිගු ගමනක් යමු අපි වෙල් එළියේ

ආසිරි ගී මැද කැන්දන් යන මග
දෙපසේ විසිරී විලඳ පොරී
පතුරයි අමුතුම සුවඳක් සොඳුරියෙ
ආදරයේ මධු මිහිර රැඳී

රුවට රුවක් නැත
මෙහෙම රුවක් නැත
සිරිකත පරදන රුව වාගේ
හිතට හිතක් නැත
මෙහෙම හිතක් නැත
මා වෙනුවෙන් පිදු හිත වාගේ

අහක බලාගෙන හිටියොත් කෙල්ලේ
මේ පෙම් හදවත පෑරේවී
හිනාවෙයන් කෝ මේ බලහන්කෝ
නැත්නම් වැඩ දුර දිග යාවී

ජීවන සුවඳක් දැනෙනවා
තරුණ හදක් කිති කැවෙනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeewana Suwadak Danenawa Song Lyrics - ජීවන සුවඳක් දැනෙනවා ගීතයේ පද පෙළ Jeewana Suwadak Danenawa Song Lyrics - ජීවන සුවඳක් දැනෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment