කොළ ඇපල් මූස් හදමු (Green Apple Moose) 🍵

කොළ ඇපල් මූස් හදමු (Green Apple Moose) 🍵 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ජෙලටීන් තේ හැඳි 3
  • වතුර මිලි ලීටර් 100
  • සීනි රස අනුව ගන්න
  • නැවුම් කිරි මිලි ලීටර් 500
  • කොළ පාට ඇපල් ගෙඩියක යුෂ 
  • යෝගට් මේස හැඳි 3 (අත්‍යාවශ්‍යතම නැහැ)
  • ඩෙසිකේටඩි කොකනට් මේස හැඳි 5 ක්(අත්‍යාවශ්‍යතම නැහැ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔴 ප්‍රථමයෙන්ම වතුර මිලි ලීටර් 100 නටන තෙක් උණු කර ජෙලටීන් එකතු කර හොඳට කවලම් කරන්න.(ජෙලටීන් ටික හොදටම දිය වනතුරු කවලම් කරන්න.) පසුව එයට මිරිකා ගත් ග්‍රීන් ඇපල් යුෂ ටික සහ ස්වභාවිකව හදාගත් කොළ පාට වර්ණක තේ හැන්දක් සහ සුදු සීනි මේස හැඳි 4 ක්  එකතු කර හොඳින් කවලම් කර බාගන්න. හොඳටම නිවෙන්න තියල ශ්‍රීතකරණයේ තියන්න සෙට් වෙනකල්.
  2. 🔴 ඔයාලට කැමති නම් ග්‍රීන් ඇපල් රසැති ජෙලි පැකට් එකක් කඩෙන් අරන් ඉක්මනට හදා ගන්න උනත් පුළුවන්.
  3. 🔴 මම ඉතින් ජෙලි එකත් ගෙදරම හදා ගන්න ඕන කියල හිතුව.🔴🔴 කඩෙන් ජෙලි පැකට් එකක් අරන් හදනවා නම් පහත ආකාරයට ජෙලි එක හදා ගන්න. ⤵️⤵️▪️නටන උණු වතුර එකට පැකටි එක කඩල  දාල හොඳින් දිය කරන්න.දැන් නිවුණු උණු වතුර කෝප්පයත් එකතු කරල සුදුසු භාජනයකට දාල හොඳින් නිවෙන්න තියල ශීතකරණයේ තබන්න.
  4. 🔴 මතක තියා ගන්න ජෙලි එක හොඳට සෙට් වෙන්න ඕන.ඒවගේම වතුර එකතු කරන්න ඕන ජෙලි පැකට් එකේ සඳහන් ප්‍රමාණයෙන් අඩක් බව අනිවාර්යයෙන්ම මතක තියා ගන්න
  5. 🔴 මේකට පොඩි මිල්ක්මේඩ් එකක් හෝ පිටි කිරි ග්‍රෑම් 60 ක් උණු වතුර මිලි ලීටර් 250 ක දිය කරල ගන්නත් පුළුවන්.රස අනුව සීනි එකතු කර ගන්න.හැබැයි දුඹුරු සීනි දාන්න එපා.මම ගත්තෙ පොඩි කිරි පැකට් දෙකක්. ඔයාල මිල්ක්මේඩ් හෝ පිටි කිරි භාවිතා කරවා නම් ඒවත් හදා ගෙන ජෙලි එක එක්කම එකටම  ශීතකරණයේ තබන්න.මොකද මූස් එක හදද්දි කිරි ටිකත් ශීත මට්ටමේ තියෙන්න ඕන.
  6. 🔴 මිල්ක්මේඩ් ගන්නවානම් අයිස් කැට එක එක දමමින් වතුර ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කරල කිරි එක හදා ගන්න.
  7. ♦️ ජෙලි එක හොඳට මිදුනාට පසු අරන් බ්ලෙන්ඩර් කප් එකට දාල කිරි ටික සහ යෝගට් ටික එකතු කරල හොඳට බ්ලෙන්ඩ් කරන්න.යෝගට් දාන්න ඕනම කියල නෑ. අනිවාර්යයෙන්ම හොඳට පෙන එනකල් බ්ලෙන්ඩ් කරන්න.මොකද අපි මූස් කියන්නෙ පෙන වලට නේ....
  8. ♦️ දැන් මේ මිශ්‍රණය වෙන වෙනම පොඩි වීදුරු වලට හෝ තනි භාජනයකට දාල සෙට් වෙන්න තියන්න.අඩුම පැය 6 ක් වත් තියන්න.
  9. ♦️ සෙට් උනාට පස්සෙ ඉතින් මුදරස් පලම් ටිකක් හෝ ස්ප්‍රින්කල් ටිකක් නැත්නම් සිහින්ව කපා ගත් ග්‍රීන් ඇපල් ට්කක් උඩට දාල හැඩ කර ගන්න.ඇත්තටම හරිම පහසුයි හදන්න.
ඒවගේම අවම පිරිවැයක් යන්නෙත්.ඒ වගේම හරිම මෘදුයි.හරිම රසයි.නියම අතුරුපසක්.😋🔴 මම නම් ගෙදරම හදාගත් ඩෙසිකේටඩි කොකනට් ටිකක් උඩට දාල සරස ගත්ත. එතකොට අමුතුම රසයක් එනව. ❤

👹️ අවවාදයයි 
කිරි පිටි ගන්නවා නම් පිට රටවලින් ආනයනය කරපු වස විස එකතු කරපු පරම්පරාවක් ලෙඩ කරන ජහ ජරාව නම් ගන්න එපා.හයිලන්ඩ් හෝ පැලවත්ත වගේ එකක් ගන්න.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොළ ඇපල් මූස් හදමු (Green Apple Moose) 🍵 කොළ ඇපල් මූස් හදමු (Green Apple Moose) 🍵 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2022 Rating: 5

0 comments:

Post a Comment