Dariviye Song Lyrics - දැරිවියේ ගීතයේ පද පෙළ

Dariviye Song Lyrics - දැරිවියේ ගීතයේ පද පෙළ
Song Title : Dariviye (දැරිවියේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය රෝඑණ වීරසිංහ


දැරිවියේ
දැරිවියේ මේ කඳුළැල් වර්ෂා සැමටමයි
නිදා නොනිඳන රෑ යාමේ

තුරුළු වෙයන් නුඹ නුඹේම තුරුළේ
වීදියෙ අගුපිළ නෑ උණුසුම දෙන්නේ
දැරිවියේ

තෙතබත් නුඹ දැක හිරිකඩ ගීතේ
සිහිවෙනවා මට මගේම දෝණී
නුඹේම වයසේ නුඹ වාගේ
ගලවා මගෙ වත
පොරවා යන්නට
බැරි ඇයිදෝ සිතුණා
දැරිවියේ

මුසපත් ඈ නෙත් හඬනා යාමේ
අයාගයේ මල් පිපේය රහසේ
අනේක වදවී හිත ගාලේ
නළවා කැකුළිය සනහාලන්නට
කවුරුන්දෝ ඉන්නේ
දැරිවියේ

දැරිවියේ
දැරිවියේ මේ කඳුළැල් වර්ෂා සැමටමයි
නිදා නොනිඳන රෑ යාමේ

තුරුළු වෙයන් නුඹ නුඹේම තුරුළේ
වීදියෙ අගුපිළ නෑ උණුසුම දෙන්නේ
දැරිවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dariviye Song Lyrics - දැරිවියේ ගීතයේ පද පෙළ Dariviye Song Lyrics - දැරිවියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2022 Rating: 5

0 comments:

Post a Comment