Atha Sitan Enni Selli Selliye Song Lyrics - ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ ගීතයේ පද පෙළ

Atha Sitan Enni Selli Selliye Song Lyrics - ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ ගීතයේ පද පෙළ
Song Title : Atha Sitan Enni Selli Selliye (ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : යමුනා මාලිනී පෙරේරා
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
එරීන් විජේකෝන් මහත්මිය අධ්‍යක්ෂණය කරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “සුනිල ගී” නම් වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1996 දී “රෝස කුසුමක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2008 දී “කඳුළක් තලා” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් (යමුනා මාලිනී ගී පද රචනා) ඇතුළත් වුණා.


ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ //

බාල ළමා කැල යවලා ඉස්කෝලේ
ආල හිමිට දාසවැ උවටැන් පෑවේ
විසාඛා නොවී දුවනා සඳ පාරේ
කාට පෙනෙයි නුඹ දුක් උහුලන තාලේ

ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ

පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
බාල රන් මැ පඬු පොවලා අඳින්නියේ
වීත රකුසු නෙත් සොඞ මඟ හරින්නියේ
රෑට පහන සේ යළි ගෙට වඩින්නියේ

ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Sitan Enni Selli Selliye Song Lyrics - ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ ගීතයේ පද පෙළ Atha Sitan Enni Selli Selliye Song Lyrics - ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment