Apata Obe Datha Denna Song Lyrics - අපට ඔබේ දෑත දෙන්න ගීතයේ පද පෙළ

Apata Obe Datha Denna Song Lyrics - අපට ඔබේ දෑත දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Apata Obe Datha Denna (අපට ඔබේ දෑත දෙන්න)
ගායනය : ළමා ගායක වෘන්දය සමග සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සුනාමි විපතින් බිඳ වැටුණු රට ගොඩනැංවීම දිරිමත් කිරීමේ ගීය
2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් රට පත් නෙක ගැහැට දුරලා අනාගතය කෙලෙසින් ගොඩ නැඟිය යුතුද යන්න අලලා, ජාතික රූපවාහිනිය නිර්මාණය කළ මෙම ගීයට, ජර්මනියේ පැවති “Prix Jeunesse  International 2006” සම්මාන උළෙලේදී “No more Worries” , Prize of the Children's Jury සම්මානය හිමිවිය.


අපේ බත් පිඟාන මුහුද ඇවිත් අරං ගිහින්
අපි ඇන්ද ඇඳුම් මුහුද ඇවිත් අරං ගිහින්
අපේ පාඩම් පොත් මුහුද ඇවිත් අරං ගිහින්
නිදාගත් පැදුරත් මුහුද ඇවිත් අරං ගිහින්

අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න //

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න //
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩනඟන්න

දවස පුරා වෙරළ දිගේ බෝල ගහපු
රැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපු
යහළු යෙහෙළියන් සේරම අපට හිටපු
අරං ගිහිං මුහුදු වතුර ගොඩට ගලපු

ඉතුරු වෙලා ඉන්න අපට
ඕනෑමයි ඔබේ පිහිට //

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න //
එපා ජාති ආගම් කුල මල තකන්න
හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදන්න

දෙදහස් පන්සිය වසරක් නම තියාපු
පෙරදිග මුතු ඇටය කියා ගුණ වනාපු
මේ රට පෙර නර විරුවන් ගොඩනගාපු
බිඳින්න බැහැ මහ මුහුදට ගොඩ ගලාපු

අත දුන්නොත් නැගිට ගන්න
අපිත් එනව රට හදන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Apata Obe Datha Denna Song Lyrics - අපට ඔබේ දෑත දෙන්න ගීතයේ පද පෙළ Apata Obe Datha Denna Song Lyrics - අපට ඔබේ දෑත දෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2022 Rating: 5

0 comments:

Post a Comment