Akkata Dan 39 Song Lyrics - අක්කට දැන් 39 ගීතයේ පද පෙළ

Akkata Dan 39 Song Lyrics - අක්කට දැන් 39 ගීතයේ පද පෙළ
Song Title : Akkata Dan 39 (අක්කට දැන් 39)
Artist : Hesara Bandara
Lyrics : Manuranga Wijesekara
Melody : Dhanith Sri
Music : Randy Gayan Perera
Mixed & Mastered : Viresh Cooray
Violin : Ravindra Weerawardhana
Guitar : Viresh Cooray
Video Director : Chamil Pathirana
DOP : Ranga SB
Editor : Thaala Roopa
Makeup : Nayana Ujith
Choreographer : Ramod Malaka
Art Director : Buddi Sanjaya
Colorist : Yashoda Danupama
Assistant Director : Roshan Wimalasena
Production Manager : Chanaka Fernando
Camera & Lighting : Suren & FEG
Video Production : Thaala Roopa Revolution
Artwork : Amila Devon @Paradox Envision


අප්පච්චිගේ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි
රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි
වංසේ කබලේ බදින සද්දේ ගමටම දැන් හුරු පුරුදුයි
කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි

වහින දාට සිදුරු ඇරුණා
වළං තැන තැන ඉද ඇඩුවා
අක්කා ධර්මෙට ලැදි වූවා
හිතේ දුකට බණත් ඇහුවා
අම්මා බත් ටික වේලනවා
හෙටත් පිරිමහන්න වෙනවා
ගමන් පෙරලෙන හැටි පෙනුනා
වලව් ගෙදර පවා දෙදරා

අප්පච්චිගේ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි තිස් නවයයි
රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි
වංසේ කබලේ බදින සද්දේ ගමටම දැන් හුරු පුරුදුයි
කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි

පරණ තිරික්කලේ දිරුවා
වයිරා හොරු අරගෙන පැන්නා
නින්ද ඉඩම් පුරන් වෙනවා
උකස් ලෙහා ගන්න බැරුවා
මගේ කෙල්ල මේරි හිල්ඩා
මමත් කොලඹ පල්ලි යනවා
මටත් යන්න සිද්ද වෙනවා
ගෙදර නීති කඩලු පැනලා

අප්පච්චිගේ නීති හින්දා අක්කට දැන් තිස් නවයයි
රනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයි
වංසේ කබලේ බදින සද්දේ ගමටම දැන් හුරු පුරුදුයි
කොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akkata Dan 39 Song Lyrics - අක්කට දැන් 39 ගීතයේ පද පෙළ Akkata Dan 39 Song Lyrics - අක්කට දැන් 39 ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2022 Rating: 5

0 comments:

Post a Comment