Adaraye Ulpatha Song Lyrics - ආදරයේ උල්පත ගීතයේ පද පෙළ

Adaraye Ulpatha Song Lyrics - ආදරයේ උල්පත ගීතයේ පද පෙළ
Song Title : Adaraye Ulpatha (ආදරයේ උල්පත)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Ulpatha Song Lyrics - ආදරයේ උල්පත ගීතයේ පද පෙළ Adaraye Ulpatha Song Lyrics - ආදරයේ උල්පත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2022 Rating: 5

0 comments:

Post a Comment