දවසේ වැදගත්කම - මාර්තු 21 ලෝක කාව්‍ය දිනය (Significance Of The Day - March 21 World Poetry Day)

දවසේ වැදගත්කම - මාර්තු 21 ලෝක කාව්‍ය දිනය (Significance Of The Day - March 21 World Poetry Day) - Your Choice Way

ස්වර හා පැටලුණු මනරම් වචනයෙන් කලඑළි බසින සොඳුරු සිතිවිල්ල කවියයි. මිනිස් මනස විචිත්‍රය. නිර්මාණාත්මකය. එවන් වූ විශ්මිත මිනිස් මනස ග්‍රහණය කර ගැනීමට කවියකට ඇත්තේ අපූර්ව හැකියාවකි. ඉතින් එවන් කාව්‍යයන්ට, කවීන්ට උපහාරයක් ලෙස 20 වන සියවසේ අග භාගයේදී මාර්තු 15 වනදා කාව්‍ය දිනය සමරා ඇති බවට වාර්ථා වේ. මෙදින සුවිශේෂත්වය නම්, ඔගස්ටස් යටතේ  කාව්‍යකරනය හැදැරූ, රෝම වීර කාව්‍ය රචකයකු හා සම්මානලාභී කවියෙකු වූ වර්ජිල්ගේ උපන් දිනය යෙදී තිබීමයි. 1999 දී පැරීසියේ පැවති UNESCO සංවිධානයේ 30 වන සැසිවාරයේදී කාව්‍යමය ප්‍රකාශනය තුළින් භාෂාමය විවිධත්වයට සහාය වීම හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති භාෂාවන් ලොවට නිරාවරණය කර ඒවා ඇසීමට අවස්ථාව ලබා දීම ප්‍රධාන අරමුණු කරගනිමින් මාර්තු 21 ලෝක කාව්‍ය දිනය ලෙස නම් කිරීමට යෝජනා කර ඇත. ඉදින් එදින සිට මාර්තු 21 යනු, ලොව පුරා කවි ලිවීම, ප්‍රකාශයට පත් කිරීම හා ඉගැන්වීම මඟින් වාචික සම්ප්‍රදායේ ප්‍රධානතම අංගයක් වන කාව්‍යයන් ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වන විශේෂ දිනයකි.

මෙම වසරේ කාව්‍ය දිනය විශේෂ තේමාවක් යටතේ නොපැවැත්වේ. නමුත් UNESCO සංවිධානය කාව්‍ය දිනය නම් කිරීමේ මූලික පරමාර්ථ අනුව යමින් කාව්‍යකරනය දිරිගැන්වීම, කවි ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීම, නාට්‍ය, නැටුම්, සංගීතය හා චිත්‍ර වැනි වෙනත් කලාවන් අතර සංවාදයක් කවිය හරහා ගොඩ නැඟීම, කුඩා කාව්‍ය ප්‍රකාශකයන්ට සහය දීම, කාව්‍ය පිළිබඳ ආකර්ශනීය ප්‍රතිරූපයක් ජනමාධ්‍ය තුළ නිර්මාණය කිරීම, ලොව ජනප්‍රිය භාෂාවල සෙවණැල්ල වැටී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඇතැම් උපභාෂාවන්ට අත්වැලක්වීම හා ලෝකයේ භාෂාමය විවිධත්වය ප්‍රවර්ධනය කිරීම මෙවරත් අරමුණු කරගෙන ඇත.

තාක්‍ෂණය හා ස්මාර්ට් ෆෝන් වැඩිවීමත් සමඟ කාව්‍යය කලාව මිය යනු ඇතැයි සමහරුන්ගේ මතයයි. මෙම වැරදි වැටහීම් නිවැරදි කර කාව්‍යකරණයට නව ජීවයක් එක් කරන UNESCO සංවිධානය බොහෝ අධ්‍යාපන ආයතනවල තරුණ සිසුන් ලිවීමට උනන්දු කරවීම සඳහා කාව්‍ය තරඟ පැවැත්වීම, නාට්‍ය කලාව වැනි වෙනත් මාධ්‍යයන්ගේ සහාය ඇතිව කාව්‍ය කලාව ලෝකයේ විවිධ ප්‍රදේශවල ප්‍රවර්ධනය කිරීම නිරන්තරයෙන් සිදු කරමින් පවතී.

World Poetry Day
Poetry can change the way people view the world, inspire others, and mend the bonds between people and create harmony with one another .

However, poetry to many can be considered a dying art in a world filled with technology and more advanced ways of conveying messages of art and beauty .

World Poetry Day takes place every year to promote the teaching of poetry, as well as the publishing, writing and reading of this form of writing around the world. It was declared by UNESCO in 1999 and they stated that their purpose for creating this day.

World Poetry Day is annually celebrated in March 21 by schools, organizations, libraries and publishers all over the globe through teaching about poets, styles of poetry and the languages that they're read through .

Celebrate World Poetry Day by reading some poetry!

Descriptions by:
Sinhala - Erandi Ekanayaka | Faculty of Science
English - Isurangi Bandara  | Faculty of Agriculture 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - මාර්තු 21 ලෝක කාව්‍ය දිනය (Significance Of The Day - March 21 World Poetry Day) දවසේ වැදගත්කම - මාර්තු 21 ලෝක කාව්‍ය දිනය (Significance Of The Day - March 21 World Poetry Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2022 Rating: 5

0 comments:

Post a Comment