හිට්ලර්ගේ දේහයට සිදු වූයේ කුමක්ද ? (What Happened To Hitler's Body)

හිට්ලර්ගේ දේහයට සිදු වූයේ කුමක්ද ? (What Happened To Hitler's Body) - Your Choice Way

1945 දී රතු හමුදාව බර්ලිනයට ළඟා වූ විට, හැකි ඉක්මනින් හිට්ලර් සොයා ගන්නා ලෙස ස්ටාලින් ඔවුන්ට නියෝග කල අතර හිට්ලර් අල්ලා ගන්නා පුද්ගලයාට පදක්කමක් ලබා දෙන බවට පොරොන්දු විය.  ඊළඟ සති කිහිපයේදී මිත්‍ර පාක්ෂිකයින් ඉතිරි ජර්මානු හමුදා සමග බර්ලිනය පුරා සටන් කරන ලදී.

මෙලෙස හිට්ලර් සොයා ගන්නා කටයුත්ත සෝවියට් නිලධාරීන් තිදෙනෙකුට පැවරුණු අතර ඔවුන් ඇඩොල්ෆ් හිට්ලර් සිටින ස්ථානය සොයා ගැනීමට බර්ලිනය පුරා පරීක්ෂණයක් පවත්වන ලදී. ඔවුන්ගේ විමර්ශනය අතරතුර, ජර්මානු සිරකරුවන් හරහා නියෝජිතයින් සොයා ගත්තේ හිට්ලර් තමාටම වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන ඇති බවයි.  නමුත් ඔවුනට එය ඔප්පු කරගත නොහැකි වූයේ ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට නොහැකි වූ නිසාය.

1945 මැයි 2 වන දින සෝවියට් හමුදා රීච් චාන්සලර් ගොඩනැගිල්ලේ පාලනය අත්පත් කර ගත් අතර එහි තිබී ඔවුන් හිට්ලර්ගේ බංකරය සොයා ගන්නා ලදී. ඔවුන් එහිදී සිදු කළ පරීක්ෂණ වලින් හිට්ලර් මියගොස් ඇති බව ඔවුන් දැන ගත්තත් ඔවුන්ට අවශ්‍ය වූයේ ඔහුගේ සිරුරයි. පසුව හිට්ලර්ගේ බංකරයේ සේවය කළ සේවකයා සහ ආරක්ෂකයා සෝවියට් හමුදාවන්ට පවසා සිටියේ ඔවුන් හිට්ලර් සහ ඔහුගේ බිරිඳ ඊවා බ්‍රවුන්ගේ සිරුරු මිදුලේ වළ දමා ඇති බවයි.

ඒ සමගම සෝවියට් හමුදා අදාල ස්ථානය හැරීමට පටන් ගත් අතර කැණීමේදී අලුත වල දමන ලද මිනිස් සිරුරු දෙකක් සහ බල්ලෙකුගේ සිරුරක් ඔවුනට හමු විය. නමුත් එම මළ සිරුරු හඳුනාගැනීමට නොහැකි වන සේ පුළුස්සා තිබිණි. 

සෝවියට්වරුන්ට ඊළඟට අවශ්‍ය වූයේ ඔවුන් සොයාගත් සිරුර හිට්ලර්ගේම බවට සහතික කර ගැනීමටය. ඒ සඳහා ඔවුන් හිට්ලර් සමඟ බංකරයේ සිටි සියලු දෙනා අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් තිස්සේ විමර්ශනයන් හා ප්‍රශ්න කිරීම් සිදු කරන ලදී. 

නමුත් ස්ටාලින්ට එසේ බලා සිටීමට නොහැකි වූ අතර ඔහුට අවශ්‍ය වූයේ හිට්ලර් මියගොස් ඇති බවට ඉක්මනින්ම සහතික කර ගැනීමටය. හිට්ලර්ගේ මළ සිරුර හඳුනාගත නොහැකි වූයේ ඔහුගේ දත් හැර අන් සියල්ලම දරුණු ලෙස පිළිස්සී ඇති බැවිනි.

සෝවියට්වරුන් ඊළඟට හිට්ලර්ගේ දන්ත වෛද්‍ය හියුගෝ බ්ලැෂ්ක් ගැන සොයා බැලූ නමුත් ඔහු ජර්මනියෙන් පලා ගොස් ඇති බව දැනගත්තේය.  අවසානයේදී ඔවුන් හියුගෝගේ සහායක ‘කෝත් හියුසර්මන්’ සොයා ගත් අතර ඇය පසුගිය දශකය තුළ හිට්ලර්ගේ සියලු දන්ත පරීක්ෂන වලට සහභාගී වී සිටි අයෙකි.

හිට්ලර්ගේ දත් හඳුනා ගැනීම සඳහා කෝත් හියුසර්මන් අත්අඩංගුවට ගනු ලැබීය. ඇයට හිට්ලර්ගේ දත් පරීක්ෂා කිරීමට භාර දීමට පෙර සෝවියට් නියෝජිතයන් ඇයට හිට්ලර්ගේ දත් වල සවිස්තරාත්මක චිත්‍ර සටහනක් අදින ලෙස පවසා සිටියේය.  ඇය විසින් අදින ලද රූප සටහන දැකීමෙන් සෝවියට්වරු විශ්මයට පත් වූ අතර ඇය ඔහුගේ දන්ත සනිපාරක්ෂාව මානව නිරූපණය කෙරෙන සවිස්තරාත්මක රූප සටහනක් අදින ලද අතර එය සැබෑ දත් වලට මනාව ගැළපුණි. පසුව එය තහවුරු කර ගැනීම සඳහා ඇයට සැබෑ දත් ලබා දෙන ලදී.  අවසානයේ ඇය එම දත් වල තිබූ සලකුණු හඳුනාගත් අතර ගැඹුරු හුස්මක් ගෙන, 'මේවා ඇඩොල්ෆ් හිට්ලර්ගේ දත්' යැයි පවසා සිටින ලදී.

හිට්ලර් මියගොස් ඇති බව සෝවියට්වරුනට දැන් තහවුරු වී අවසන්ය. එහෙත් ඔවුන් මේ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ නොකරන ලදී. ඇමරිකා සහ බ්‍රිතාන්‍ය රජයන් හිට්ලර්ගේ සියදිවි නසා ගැනීම ගැන යුද සිරකරුවන් හරහා දැනගත් නමුත් එය සනාථ කිරීමට ඔවුන්ට සාක්ෂි තිබුණේ නැත.

මේ සියල්ල ස්ටාලින්ට වාර්තා වෙමින් තිබූ අතර ඔහුට අවශ්‍ය වූයේ හිට්ලර්ගේ මරණය පිළිබඳ පුවත සැගැවීමටය. වරක් වින්ස්ටන් චර්චිල් හා හැරී ට්රුමන් සමඟ පැවති සාකච්ඡාවකදී ස්ටාලින් පැවසුවේ හිට්ලර් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු ජර්මනියෙන් පලා ගොස් ඇති බවත්ය.

සෝවියට් සංගමය 1945 ජුනි 9 වන දින පවත්වනු ලැබූ නිල මාධ්‍ය හමුවකදී ඇඩොල්ෆ් හිට්ලර් තවමත් ජීවතුන් අතර සිටින බවත් ජර්මනියෙන් පලා ගිය බවත් ප්‍රකාශ කරන ලදී. ඉන් වසර ගණනාවක් යන තුරු හිට්ලර් දකුණු අප්‍රිකාවේ හෝ ජපානයේ සැඟැවී සිටින බවට විවිධ උපකල්පනයන් ඉදිරිපත් විය.

කෝත් හියුසර්මන් සහ මේ ගැන දන්නා තවත් බොහෝ දෙනෙක් දශකයකට ආසන්න කාලයක් සෝවියට් දේශයේ සිරගත කරනු ලැබුවේ හිට්ලර් මියගොස් ඇති බව ඔවුන් දැන සිටි බැවිනි.  ජෝසප් ස්ටාලින්ට අවශ්‍ය වූයේ ලෝකය සත්‍යය දැන ගැනීම වැලැක්වීමටය.

හිට්ලර්ගේ දේහය ජර්මනියේ මැග්ඩබර්ග්හි සෝවියට් හමුදා කඳවුරක තැන්පත් කර තිබූ බව විශ්වාස කෙරේ. පසුව දේහය 70 දශකයේ දී පුළුස්සා දමා අළු බීඩෙරිට්ස් ගඟට විසි කර දැමූ බව වාර්තා වේ. නමුත් හිට්ලර්ගේ යැයි කියන හිස් කබලක් පමණක් කේ.ජී.බී.ය භාරයේ තිබුණු අතර  සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමෙන් පසු මෙම හිස් කබල ප්‍රසිද්ධියට පත් වූ අතර එය දැන් රුසියානු රාජ්‍ය ලේඛනාගාරයේ ඇත.
හිට්ලර්ගේ දේහයට සිදු වූයේ කුමක්ද ? (What Happened To Hitler's Body) - Your Choice Way
හිට්ලර්ගේ හිස්කබල

හිට්ලර්ගේ දේහයට සිදු වූයේ කුමක්ද ? (What Happened To Hitler's Body) - Your Choice Way
කෝත් හියුස්මන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිට්ලර්ගේ දේහයට සිදු වූයේ කුමක්ද ? (What Happened To Hitler's Body) හිට්ලර්ගේ දේහයට සිදු වූයේ කුමක්ද ? (What Happened To Hitler's Body) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment